Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

UNDP අනුග්‍රහය යටතේ පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් කොළඹ දී…

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සමඟ එක්ව ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා උපදේශක උපදේශිකාවන් වෙනුවෙන් සිදු කරනු ලබන පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනෙහි පළමු අදියර පසුගිය  කොළඹ දී, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ෆාදිල් බකීර් මර්කර් සහ නිලධාරීන්ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී රාජකාරී භාර ගැනීමෙන් අනතුරුව කාර්යභාරයන් සහ සේවාවන් පිළිබඳ සොයා බැලීමේ දී, වසර 21 පුරාවට පවත්වාගෙන යනු ලබන පුහුණු ක්‍රමවේදය යාවත්කාලීන කිරීමකින් තොරව බවත්, දැනට පවතින ක්‍රමවේදයෙහි බොහෝ අඩුපාඩු තිබෙන බවත් හඳුනා ගැනීමෙන් පසු, UNDP ආයතනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන්නට විය.

ඒ අනුව මොඩියුල 03ක් යටතේ දිවයින පුරා පිහිටි යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58හි ජීවන කුසලතා පුහුණු උපදේශක උපදේශිකාවන් හට ජීවන කුසලතා පිළිබඳ ක්‍රමවේදයෙහි මූලික දැනුම ලබා දීම මෙහි අරමුණ බවට පත් විය.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button