Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

යොවුන් සේනාංකයේ තරුණ තරුණියන්ට සාත්තු සේවක පාඨමාලාවේ ජාතික වෘත්තීය සුදුසුකම පිරිනැමීමට ලංකා රෝහල හා ජාතික යොවුන් සේනාංකය අවබෝධතා ගිවිසුමකට

ජාත්‍යන්තර සම්මානලාභී සෞඛ්‍ය සේවා සැපයුම්කරුවකු වන ලංකා හොස්පිට්ල්ස් සහ ජාතික යොවුන් සේනාංකය අතර සුවිශේෂ අවබෝධතා ගිවිසුමක් පසුගියදා අත්සන් කරන ලදී. මෙම අවබෝධතා ගිවිසුමට අනුව ජාතික යොවුන් සේනාංකයේ 2022 වසරේ පළමු කණ්ඩායමට සිය අභිමතය පරිදි ජාතික යොවුන් සේනාංකයේ දින 14ක පෞරුෂ සංවර්ධන හා නායකත්ව පුහුණුව හැදෑරීමෙන් පසුව ලංකා රෝහල සමඟ එක් වී මාස දෙකහමාරක කාලයක් සාත්තු සේවක පාඨමාලාවේ ජාතික වෘත්තීය සුදුසුකමේ තෙවැනි මට්ටම :භඪූ ඛැඩැක 03* නොමිලේ හැදෑරිය හැකිය.

ලංකා රෝහලට අනුබද්ධ ලංකා හොස්පිට්ල්ස් ඇකඩමිය :ඛ්‍ය්* වෙතින් මෙම පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කිරීමෙන් අනතුරුව ජාතික යොවුන් සේනාංක මූලස්ථානය විසින් ජපන් භාෂා පුහුණුවක් දෙනු ලබන අතර එම පුහුණුලාභීන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සතුව පවතින ජපන් රැකියා ඇබෑර්තු සඳහා යොමු කිරීමට සැළසුම් කර තිබේ. ලංකා හොස්පිට්ල්ස් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා සහ ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා අතර මෙම ගිවිසුම අත්සන් තැබුණු අතර එම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ පුහුණු හා සංවර්ධන අතිරේක අධ්‍යක්ෂ සමන් කුලසූරිය මහතා ඇතුළු යොවුන් සේනාංකයේ සහ ලංකා රෝහල් සමූහයේ නිලධාරීහු රැසක් සහභාගී වූහ.

‘‘2019 දී ලංකා හොස්පිට්ල්ස් ඇකඩමිය පිහිටවූයේ දකුණු ආසියානු කළාපයේ සෞඛ්‍ය සේවාවන්ට සරිලන නිපුණතාවලින් පිරිපුන් සෞඛ්‍ය සේවා වෘත්තිකයන් බිහි කිරීමේ අරමුණින්. ඒ සඳහා අවශ්‍ය අංග සම්පූර්ණ සායනික පසුබිමක් අප සතුව පවතිනවා. ඛ්‍ය් වෙතින් පිරිනැමෙන පාඨමාලා සැළසුම් කර ඇතතේ සහ පවත්වා ගෙන යන්නේ ශ‍්‍රී ලංකාවේ දේශීය විශ්වවිද්‍යාලවලට අනුයුක්ත ඉහළම සුදුසුකම් සහිත විශේෂඥ වෘත්තිකයන් පිරිසක්. ජාතික යොවුන් සේනාංකයේ දරු දරුරියන්ට ලංකා හොස්පිට්ල්ස් ඇකඩමියෙන් විශිෂ්ට පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමේ ඇත්දැකීම් සමඟින් ජාතික වෘත්තීය සුදුසුකම ලබා ගත හැකියි.’’ ලංකා රෝහල් සමූහයේ ප‍්‍රධාන විධායක නිලධාරී දීප්ති ලොකුආරච්චි මහතා පැවසීය.

‘‘ශී‍්‍ර ලංකාවේ ප‍්‍රමුඛතම පෞද්ගලික රෝහලක් වන ලංකා රෝහල සමඟ සම්බන්ධ වී අපගේ දරු දැරියන්ට ජාතික වෘත්තීය සුදුසුකම ලබා ගැනීමට අවස්ථාව උදා වීම සුවිශේෂ භාග්‍යයක්. ඛ්‍ය්හිදී න්‍යායික හා ප‍්‍රායෝගික යන දෙඅංශයෙන්ම පුහුණුව ලැබෙන නිසා ඔවුන්ට විදේශවලදී ඉහළ වැටුප් සහිත රැකියා හිමි කර ගත හැකියි. සෞඛ්‍ය සේවකයන් විදේශ සේවයට යැවීම හරහා අපට සුවිශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාවක් ලැබෙනවා. ජාතික යොවුන් සේනාංකය සෑම විටම කටයුතු කරන්නේ කුසලතාවලින් හා නායකත්ව ගුණාංගවලින් පරිපූර්ණ තරුණ තරුණියන් පිරිසක් ජාතියට බිහි කිරීමටයි.’’ ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා පැවසීය.

ලංකා හොස්පිට්ල්ස් හෙද පාසල පෞද්ගලික සෞඛ්‍ය අංශයේ සාර්ථක හෙද පාසලකි. වසර 15ක් පුරා ශ්‍රී ලාංකේය පෞද්ගලික සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ ඉහළට ගිය විශිෂ්ට හෙද හෙදියන් ඉන් බිහි වී තිබේ. ඛ්‍ය් පිහිටුවීමෙන් පසුව ඖෂධවේදී, වෛද්‍ය රසායනාගාර තාක්‍ෂණ සහ ෆ්ලෙබොටෝමි පිළිබඳ සහතික පත‍්‍ර පාඨමාලා, ප‍්‍රථමාධාර සහ රැකවරණ පුහුණු පාඨමාලා ඇතුළු නව පාඨමාලා රැසක් හඳුන්වා දී ඇත. එසේම ප‍්‍රමුඛ පෙළේ ජාතික සංවිධාන සඳහා අවශ්‍ය පරිදි සැකසූ පුහුණු පාඨමාලාවන්ද පවත්වයි. ඛ්‍ය් වෛද්‍ය උපාධියක් හැදෑරීමට කැමති සිසුන්ට නිරීක්ෂණ වැඩසටහන්ද ඉදිරිපත් කරයි. ඛ්‍ය් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියානු කළාපයේ ප‍්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල සහ අධ්‍යාපන ආයතන පිරිනමන සෞඛ්‍ය සේවා පාඨමාලා ගණනාවක් සඳහා සායනික පුහුණු සැසි සැපයීමට මෑතකදී කටයුතු කළේය.

ජාතික නැවත ගොඩ නැගීමේ නව අභියෝගයට උර දිය හැකි නායකත්ව ගුණාංගවලින් සහ ශක්තිමත් පෞරුෂයකින් හෙබි නිපුණතා පිරිපුන් තාරුණ්‍යයට මං පෙත් විවර කිරීම අත්‍යවශ්‍ය වූ වකවානුවක 2021 අංක 21 දරන පාර්ලිමේන්තු පනතින් ව්‍යාපෘතියක් වශයෙන් ස්ථාපිත කර, 2003 ඔක්තෝම්බර් මස 10 වන දින අංක 1309/17 දරන ගැසට් පත‍්‍රයේ පළ කරන ලද ‘අංක 01-2003 දරන යොවුන් බලකා නියෝග’ මඟින් යොවුන් සේනාංකය කි‍්‍රයාත්මක කරනු ලැබීය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button