Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

⁣සෙනෙහෙ පියස නිවාස ව්‍යාපෘතියට දෙහිඕවිටත් එක්වෙයි ….

නිවසක් සිහිනයක් වූ පවුල් 58ක් සඳහා නව නිවසක් ඉදිකරලීමේ ජාතික යොවුන් සේනාංක “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ දෙහිඕවිට ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදිකරන ලද නව නිවස, කනංගම කුරුදුවත්ත හි පදිංචි ලලිතා හෙට්ටිආරච්චි මහත්මිය වෙත භාරදීමේ අවස්ථාව 2022.11.30 වැනි දින අති උත්කර්ෂවත් අන්දමින් සිදු කෙරිණි. එම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂතුමා (පරිපාලන හා මූල්‍ය), දෙහිඕවිට ප්‍රාදේශීය ලේකම්තුමා හා සබරගමුව පළාත් අධ්‍යක්ෂතුමා ඇතුළු පිරිසක් සහභාගී විය.
මෙම නිවස භාරදීමේ කටයුත්ත මධ්‍යස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ උත්සාහය හා කැපවීම මෙන්ම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත නිමකිරීමට හැකිවිය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button