Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජපන් දුත කණ්ඩායමක් පුහුණු මධ්‍යස්ථාන නිරීක්ෂණයට එක්වෙයි ….

ජාතික යොවුන් සේනාංකය හා එහි කාර්යභාරය පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමත්, එහි පුහුණු වැඩසටහන් නිරීක්ෂණයත් සඳහා පසුගිය 30 වනදා විශේෂ ජපන් දූත කණ්ඩායමක් යක්කල යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතව ‍නිරීක්ෂණ චාරිකාවකට එක්විය.
ජපානයේ රැකියා අවස්ථා ලබා ගැනීමේදී ජපන් භාෂාව භාවිතය, ජපාන සංස්කෘතිය පිළිබ‍ඳ අවබෝධය හා ජපානයට ගැලපෙන තාක්ෂණික දැනුමින් යුක්ත වීමේ වැදගත්කම ද ඔවුන් විසින් මෙහිදී පෙන්වාදිම අගයකල යුතුය .
ජපන් භාෂාව පහසුවෙන් ඕනෑම භාෂාවක ආධාරයෙන් ඉගෙන ගැනීම සඳහා පරිගණක යෙදවුමක් ද ඔවුන් විසින් මෙහිදී හඳුන්වාදෙන ලදි.
ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍යතුමන්ගේ මෙහෙයවීම මත සිදු වූ මෙම නිරීක්ෂණ චාරිකාවට ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), බස්නාහිර පළාත් අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) හා රාජ්‍ය අමාත්‍යතුමාගේ කාර්ය මණ්ඩලයේ නිලධාරින්, පුහුණු මධ්‍යස්ථානයේ නිලධාරීන්ද සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button