Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කරයි.

ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් වෙනුවෙන් හෝටල් ක්ෂේත්‍රය පිළිබඳ පුළුල් අවබෝධයක් සහ ප්‍රායෝගික දැනුමක් ලබා දෙමින් ජාත්‍යන්තරව පිළිගත් සහතිකපත්‍රයක් සමඟින් දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා යොමු කිරීමේ අරමුණු ඇතිව ජාතික යොවුන් සේනාංකය සහ ස්විස් හොටෙල් මැනේජ්මන්ට් ඇකඩමිය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් තැබීම පසුගිය 17 දින, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

සෙංකඩගල සහ නාවුල යන යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන තුළින් මෙම පාඨමාලාව ආරම්භ කරමින් අනෙකුත් මධ්‍යස්ථාන තුළද ව්‍යාප්ත කර හෝටල් කළමණාකරණය සහ ඊට අදාල කොටස් 10කින් යුතු විෂය නිර්දේශයක් පුහුණුලාභීන් වෙත ඉගැන්වීමට අපේක්ෂා කෙරේ. තවද TTT පාඨමාලාව තුලින් පාඨමාලා අන්තර්ගතය පිළිබඳව පුහුණුකරුවන් පුහුණු කිරීමද , පාඨමාලාව තුලදී හෝ පාඨමාලාව ආරම්භ කිරීමට පෙර ජාතික යොවුන් සේනාංකය විසින් දින 14ක ජීවන කුසලතා පුහුණුවද පුහුණුලාභීන්ට ලබා දෙනු ඇත. මෙම SSG පාඨමාලාව ආරම්භ කරනුයේ Pilot Run එකක් තුලිනි. ඉන් පසුව දෙපාර්ශවයේ එකඟතාවය මත 2025 දෙසැම්බර් මස අග දක්වා මෙම පාඨමාලාව පවත්වාගෙන යනු ලබයි.

අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාවට ශ්‍රී ලංකා – මාලදිවයින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති ඔලිවර් ප්‍රාස්, ශ්‍රී ලංකා – මාලදිවයින් ස්විස්ටර්ලන්ත තානාපති කාර්යාලයේ පළමු ලේකම් ඩොරිස් මැනර්, ස්විස් හෝටල් කළමනාකරණ ඇකඩමියේ කළමනාකාර අධ්‍යක්ෂ රොල්ෆ් බ්ලෙසර් ඇතුළු නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක, අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස් අයිජී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button