Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

අධ්‍යාපන අමාත්‍යංශයේ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන සමඟ ජාතික යොවුන් සේනාංකය අත්වැල් බැඳගනී …

අධ්‍යාපන අමාත්‍යංශයේ සැමට අධ්‍යාපන අංශය මඟින් ක්‍රියාත්මක කරනු ලබන 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහනෙහි එක් ප්‍රධාන පුහුණු සංරචකයක් ලෙස සලකා බලනු ලබන නායකත්ව සහ පෞරුෂ සංවර්ධනය පිළිබද වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සදහා ජාතික යොවුන් සේනාංකය තෝරාගෙන තිබේ.
ඒ අනුව අධ්‍යාපන අමාත්‍යංශය වෙතින් අපේක්ෂිත විෂය නිර්දේශයට අනුව පුහුණු වැඩසටහන් දිවයින පුරා ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන කේන්ද්‍ර කර ගනිමින් සිදු කිරීම සම්බන්ධයෙන් පළමු අදියරේ සාකච්ඡාව අද දින (21), ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ දී පැවැත්විණි.
එම වැඩසටහන සමස්ත දිවයිනේ පාසල් 525ක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 7672ක් ආවරණය වන පරිදි සිදු කිරීමට නියමිතය.
එම වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංක නියෝජනය කරමින් අධ්‍යක්ෂතුමා, අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (පුහුණු), සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්), සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) සහ අධ්‍යාපන අමාත්‍යංශය නියෝජනය කරමින් සැමට අධ්‍යාපන අංශයේ අධ්‍යක්ෂ, නියෝජ්‍ය අධ්‍යක්ෂ, සහකාර අධ්‍යක්ෂවරු සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button