Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

පෞරුෂාභිමාන – 2022

ජාතික යොවුන් සේනාංක වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන ප්‍රදානෝත්සවය 2023.01.17 වැනි දින ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ අග්‍රාමාත්‍ය ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රදානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පවත්වන ලදී.

එම අවස්ථාව සඳහා ක්‍රීඩා හා යෞවන කටයුතු රාජ්‍ය අමාත්‍ය ගරු රෝහණ දිසානායක මැතිතුමා, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මැතිතුමා, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන මැතිතුමා, ත්‍රිකුණාමල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරල මැතිතුමා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

මෙහි දී දිවයින පුරා ස්ථාපිත කර ඇති ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල ජීවන කුසලතා පාඨමාලා, තොරතුරු තාක්ෂණ හා ඉංග්‍රීසි පාඨමාලා හදාරා විශිෂ්ට දස්කම් දැක්වූ පුහුණුලාභීන්, විවිධ වෘත්තීය පුහුණු ආයතනවල පුහුණු පාඨමාලා හදාරා විශිෂ්ට දස්කම් දැක්වූ පුහුණුලාභීන් සඳහා සහතික හා සම්මාන ප්‍රදානය කළ අතර ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ සහ පුහුණු මධ්‍යස්ථානවල උපදේශකවරුන් හා නිලධාරින් ද ඇගයීමට ලක්විය.

මෙම උත්සවයේ දී ඉදිරිපත් කළ සියලුම සංස්කෘතිකාංග ජාතික යොවුන් සේනාංකයේ ම උපදේශක මණ්ඩලය හා පුහුණුලාභීන් විසින්ම ඉදිරිපත් කිරීම සුවිශේෂී විය. ජාතික යොවුන් සේනාංකයේ 20 වැනි සංවත්සරය සැමරීමත්, පුහුණුලාභීන්ගේ කලා කුසලතා එළිදැක්වීමත්, පුහුණුලාභීන් හා උපදේශකවරුන් ඇගයීමට ලක්කිරීමත්, ඉදිරි වර්ෂ සඳහා නව පන්නරයක් ලබාගැනීමත් අරමුණු කොටගෙන මෙම උත්සවය පවත්වන ලදී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button