Register Now

පිළිගැනීම, විස්තීර්ණ පුහුණුව සහ උසස් අධ්‍යාපනය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

පිළිගැනීම, විස්තීර්ණ පුහුණුව සහ උසස් අධ්‍යාපනය

ජාතික යොවුන් සේනාංකය ස්වකීය පුහුණාලාභීන් හට තොරතුරු තාක්ෂණ සහ ඉංග්‍රීසි විෂයානුබද්ධ විධිමත් න්‍යායික සහ ප්‍රායෝගික පුහුණුවක් ලබා දී ඔවුන් වෙත විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් ආයතනයක් මගින් පිළිගත් උසස් සහතික පත්‍රයක් ප්‍රදානය කරනු ලබයි. මේ පුහුණු වැඩසටහන් ද්විත්වය අදාළ විෂයයන්හි ප්‍රාමාණික පිළිගැනීමක් සහිත දිවයිනේ ප්‍රකට ආයතන සමඟ ඇතිකර ගන්නා ලද අවබෝධතා ගිවිසුම්වල ප්‍රතිඵල වේ. එක් එක් පුහුණු මධ්‍යස්ථානවලින් තෝරා ගනු ලබන හොඳම දක්ෂතා සහිත අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් 30 දෙනෙකු තෝරා ඔවුන් සියලුම දෙනාට සම්පූර්ණ ශිෂ්‍යත්වය පිරිනමා, ප්‍රායෝගික ඉංග්‍රීසි පාඨමාලාවක් සහ තමන් කැමති වෘත්තීය ක්ෂේත්‍රයක පුහුණුවක් ලබා ගැනීමට සියලු පහසුකම් හිමිකර දෙනු ලැබේ. ඒ අනුව වාර්ෂික ව ශිෂ්‍යත්ව දිනාගනු ලබන සමස්ත අභ්‍යාසලාභීන්ගේ ගණන 1740 ක් පමණ වේ. මෙලෙස උසස් අධ්‍යාපනයට සහ වැඩිදුර වෘත්තීය පුහුණුව ලබා ගැනීමට අවකාශ ලබාගන්නා යෞවන යෞවනියන් හට ඉදිරි අනාගත අභිවෘද්ධිය උදෙසා අවස්ථා හිමිවන ආකාරයෙන් ජාතික යොවුන් සේනාංකය හා සම්බන්ධ විවිධ ජාතික ආයතනවලට යොමු කිරීමක් ද සිදු වේ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button