Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“සෙනෙහෙ පියස” ජාතික යොවුන් සේනාංක නිවාස ව්‍යාපෘතිය රට පුරා

නිවසක් – සිහිනයක්ම වූ සහෘද ජනයා වෙත සෙවනක් සදමු යන මැයෙන් ජාතික යොවුන් සේනාංකය මඟින් සිදු කරනු ලබන තවත් ස්වේච්ඡා සමාජ සත්කාරක වැඩසටහනක් ලෙස “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ. තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ සංකල්පයකට අනුව, ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය සහ මගපෙන්වීම යටතේ සියලුම පළාත් අධ්‍යක්ෂවරුන්ගේ උපදේශකත්වයෙන් දිවයින පුරා විසිරි තිබෙන සියලු යොවුන් සේනාංක මධ්‍යස්ථාන නියෝජනය කරමින් එක් මධ්‍යස්ථානයකින් එක් නිවසක් බැගින් වසරකට නිවස 58 ක් ඉදිකිරීම් කටයුතු සිදුකොට හිසට සෙවනක් අවැසි අපේම සහෝදර ජනතාව වෙත පරිත්‍යාග කිරීම මෙම නිවාස ව්‍යාපෘතිය තුලින් සිදු කරනු ලබයි. ඒ අනුව පසුගිය ඔක්තෝම්බර් මස සිට මේ වන විටත් ජාතික යොවුන් සේනාංක යොවුන් ශිෂ්‍යභටයින්ගේ පූර්ණ දායකත්වයෙන් හා ප්‍රදේශවාසී පරිත්‍යාගශීලීන්ගේ සහයෝගයෙන් දිවයින පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක වෙමින් පවතී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button