Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය 2021 රාජ්‍ය සේවක නාට්‍ය උළෙලේ ප්‍රථම ස්ථානය දිනාගනී

බුද්ධශාසන,ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලැබු “2021 වර්ෂයේ අන්තර් රාජ්‍ය සේවක නිර්මාණ තරඟාවලියේ” ජාතික යොවුන් සේනාංකයේ විනය හා සරඹ උප⁣දේශක ටි. එම්. එන්. විරසිංහ මහතා අධ්‍යක්ෂණය කොට ඉදිරිපත් කල “මාව එම්බාම් කරන්න” නාට්‍ය සියලු රාජ්‍ය ආයතන අභිබවමින් ප්‍රථම ස්ථානය දිනාගත් බව සතුටින් දන්වා සිටිමු.

මාර්තු මස 23 වන දින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම සම්මාන ප්‍රදානොත්සවයේදී කෙටි නාට්‍ය සඳහා ලබාදුන් සම්මාන 12න් 10 ක්ම පඬුවස්නුවර ජාතික යොවුන් සේනාංකය ජයග්‍රහණය කළ අතර එම සම්මාන පහත පරිදි වේ.

හොඳම නළුවා
හොඳම නිළිය
හොඳම රංග වින්‍යාසය
හොඳම පසුතල නිර්මාණය
හොඳම වේදිකා පරිපාලනය
හොඳම රංගාලෝකකරණය
හොඳම රචනය
හොඳම අධ්‍යක්ෂණය
උළෙලේ විශිෂ්ඨතම නාට්‍ය
උළෙලේ විශිෂ්ඨතම නාට්‍ය ඉදිරිපත් කල රාජ්‍ය ආයතනය (යොවුන් සේනාංකය)

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button