Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ලෝක ළමා දිනයේදී IDH රෝහලේ ළමා රෝග විශේෂඥ වාට්ටුවේ අධිසත්කාර ඒකකයක් ගොඩනැගීමට ජාතික යොවුන් සේනාංකයෙන් මුදල් පරිත්‍යාගයක්

ඔක්තෝම්බර් 1 වනදාට යෙදුන ලෝක ළමා දිනය සැමරීමත්, පවතින කොරෝනා වෛරසය ආසාධිතව ප්‍රතිකාර ලබන ළමුන් සඳහා වෛද්‍ය පහසුකම් ඉහළ නැංවීමේ අරමුණත් පෙරදැරිකොටගෙන ජාතික යොවුන් සේනාංකයේ සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා විසින් රු. මිලියනයකට අධික මුදලක් ළමා රෝග විශේෂඥවරුන්ගේ විද්‍යායතනයේ කෝවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම ඔක්තෝම්බර් මස 01 වන දින සිදු විය. ජාතික යොවුන් සේනාංකයේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේ දෛනික වැටුපක් මේ සඳහා දායක කර ගෙන ඇති අතර, “පරිත්‍යාග කරන ලද මුදලින් IDH රෝහලේ ළමා රෝග විශේෂඥ වාට්ටුවේ අධිසත්කාර ඒකකය ගොඩනැගීම හා එහි පහසුකම් වැඩි කරමින් ළමුන්ගේ ජීවිත බේරා ගැනීමට කටයුතු කරන බව” මෙම පරිත්‍යාග මුදල භාර ගනිමින් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති සහ කොවිඩ් 19 ආසාධිත දරුවන් සම්බන්ධ ජාතික වැඩසටහනේ පුරෝගාමී විශේෂඥ වෛද්‍ය මහාචාර්ය ශ්‍යාමන්රජින්ද්‍රන් මහතා පැවසීය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button