Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

බැකෝලෝඩර් ක්රියාකරු හා එක්ස්කැවේටර් ක්රියාකරු පුහුණු පාඨමාලාව සදහා අවබෝධතා ගිවිසුම් අත්සන් කිරීම

දේශීය හා විදේශීය ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පවතින රැකියා අවස්ථා සඳහා යන්ත්‍රෝපකරණ ක්ෂේත්‍රයේ නිසි පුහුණුවක් ලබාදීමේ අරමුණින් ගාල්ල RSM බරවාහන පුහුණු ආයතනය (RSM Heavy vehicle & Heavy Machinery Training Institute)   සමඟ ජාතික යොවුන් සේනාංකය 2022 ජූලි 12 වැනි දින ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක, අතිරේක අධ්‍යක්‍ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය, සහකාර අධ්‍යක්ෂ (සංවර්ධන) ඉනෝකා ගුණවර්ධන, නීති නිලධාරීණී චාන්දනී කරවිට, සහකාර අධ්‍යක්ෂ (පුහුණු) ජනනි අබේසිංහ, පාඨමාලා සම්බන්ධීකාරක තිළිණ සම්පත් රත්නායක යන මහත්ම මහත්මීන්ගේ හා ගාල්ල RSM බරවාහන පුහුණු ආයතනයේ කළමනාකරු රසික සංජය මානවඩු හා පුහුණු කළමනාකරු කේ. සරවන ප්‍රභාගර් යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

බැකෝලෝඩර් ක්‍රියාකරු හා එක්ස්කැවේටර් ක්‍රියාකරු පාඨමාලාවන්හි මූලික සම්මුඛ පරීක්ෂණය 2022 ජූලි 16 වැනි දින පැවැත්වීමට නියමිතය.

පළමු කණ්ඩායමට පුහුණුකරුවන් 50 දෙනෙකු බඳවාගැනීමට අපේක්ෂා කරනු ලබන අතර එහි ප්‍රමුඛතාව ගාල්ල දිස්ත්‍රික්කයේ අයදුම්කරුවන්ට ලබාදේ. පළමු කණ්ඩායම අවසන් වීමෙන් පසුව තවත් කණ්ඩායම් 2 ක් මෙම පුහුණු පාඨමාලාව සඳහා බඳවාගැනීමට සැලසුම් කර ඇත.

මෙම පාඨමාලාව සඳහා සෘජු පුහුණුවක් සහ ජාතික මට්ටමේ (NVQ Level – 03) වෘත්තීය සුදුසුකම ලබාදෙන අතර පුහුණුවෙන් අනතුරුව දේශීය හා විදේශීය රැකියා අවස්ථා සඳහා යොමුවීමට අවස්ථාව සැලසේ.

මෙහි දී අවශ්‍ය න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම මෙන්ම ඉංග්‍රීසි භාෂා දැනුම (තාක්ෂණික වාග් මාලාව) පිළිබඳ දින 30 ක පුහුණුවක් ලබාදෙන අතර දින 14 ක ජීවන කුසලතා පුහුණුවක් ද ගාල්ල ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

ඔබ වෙත නොමිලේ පිරිනමනු ලබන මෙම පුහුණු පාඨමාලා සඳහා ජාතික යොවුන් සේනාංකය එක් පුහුණුකරුවෙකු සඳහා රු. 59,500.00 ක පිරිවැයක් දරනු ලබයි. බැකෝලෝඩර් ක්‍රියාකරු පුහුණු පාඨමාලාව තෝරා ගනු ලබන පුහුණුකරුවන් සඳහා අවශ්‍ය නම් එක්ස්කැවේටර් ක්‍රියාකරු පුහුණු පාඨමාලාව ද හැදෑරීමට අවස්ථාව ඇති අතර එක්ස්කැවේටර් ක්‍රියාකරු පුහුණු පාඨමාලාව තෝරා ගනු ලබන පුහුණුකරුවන් හට බැකෝලෝඩර් ක්‍රියාකරු පුහුණු පාඨමාලාව ද නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවේ.

පුහුණු කාලසීමාව තුළ නිල ඇඳුම් හා නේවාසික පහසුකම් නොමිලේ ලබා දීමට කටයුතු කරයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button