Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

6 වැනි ජාත්‍යන්තර ස්වේච්ඡා දින CERT අභියෝගය පකිස්ථානයේ ලාහෝර්හිදී..

6 වැනි ජාත්‍යන්තර ස්වේච්ඡා දින CERT අභියෝගය 2022 දෙසැම්බර් 5 වැනිදා සිට 9 වැනිදා දක්වා පකිස්ථානයේ ලාහෝර් හදිසි සේවා ඇකඩමියේ දී පැවැත්විණි. ඒ සඳහා ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරල් සුදන්ත රණසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා කණ්ඩායම 2022.12.05 දින අලුයම කටුනායක අන්තර් ජාතික ගුවන්තොටුපලින් පිටත්වුණි.
ශ්‍රී ලංකා කණ්ඩායම, සාර්ක් කලාපයේ කණ්ඩායම් ඇතුළු කණ්ඩායම් 56 ක් මෙම තරඟාවලියට සහභාගී විය. ශ්‍රී ලංකා කණ්ඩායම සඳහා පී. ආර්. කේ ද සිල්වා සහ වී. එස්. විදානපතිරණ යන නිලධාරීන් දෙදෙනා ජාතික යොවුන් සේනාංකය නියෝජනය කරමින් සම්බන්ධ වූ අතර එහි නායකත්වය ජාතික යොවුන් සේනාංකයේ පී. ආර්. කේ ද සිල්වා නිලධාරිනිය විසින් දරන ලදී.
එහි දී ජාත්‍යන්තර සහභාගිවීමේ කුසලානයක් ශ්‍රී ලංකා කණ්ඩායමට හිමි විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මෙම තරඟාවලියට සම්බන්ධ වූ ජාතික යොවුන් සේනාංක නිලධාරීන් දෙදෙනා ඇතුළු කණ්ඩායමට ජාතික යොවුන් සේනාංක සභාපති, අධ්‍යක්ෂ මණ්ඩලය ඇතුළු කාර්ය මණ්ඩලයේ සුබ පැතුම්.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button