Register Now

අධ්‍යක්ෂතුමන්ගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂවරයා ලෙස වෙබ් අඩවිය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරනු ලබන්නේ හද පිරි සතුටිනි.

2002 වර්ෂයේදී ආරම්භ කරන්නට යෙදුණු ජාතික යොවුන් සේනාංකය වසර 20ක් පුරාවට නායකත්ව ගුණාංගයන් හා මනා පෞරුෂයකින් හෙබි නිපුණතාවන්ගෙන් පරිපූර්ණ වූ තරුණ ප්‍රජාවක් දැයට තිළිණ කරනු වස් සිදුකරනු ලබන මෙහෙය අප සියලු දෙනාගේ ම ආඩම්බරයට කාරණයක් බැව් ඔබ සියලු දෙනාටම සිහිපත් කරමි. යොවුන් සේනාංකය ආරම්භ කරන මොහොත වන විට අත්‍යන්ත අවශ්‍යතාවයක්ව පැවති තරුණ ප්‍රජාව ධනාත්මක ආකල්පවලින් හා වෘත්තීය කුසලතාවයන්ගෙන් සවිබල ගැන්වීම තුළින් ජාතික සංවර්ධන සංග්‍රාමයට දායක කරවීමේ ඉලක්ක ගත කාර්යභාරය වර්තමානයේදී ද එලෙසම අප වෙත පැවරී ඇති සේම එදාට වඩා අද වන විට ජාතික යොවුන් සේනාංකයෙන් අපේක්ෂිත ප්‍රතිඵල ජාතියට හා රටට ලබා දිය යුතු ම කාලය එළඹ ඇතැයි මම විශ්වාස කරමි.

ඉහත කී අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා සවිමත් ශ්‍රම බලකායක් රටට අවශ්‍ය වේ. විනය, නායකත්වය හා පෞරුෂත්වයෙන් සුසැදි සවිමත් ශ්‍රම බලකායක් ගොඩනැඟීමට ජාතික යොවුන් සේනාංකයට ඇති හැකියාව, යුතුකම හා වගකීම ලඝු කොට සැලකිය නොහැක. ජීවන කුසලතා සංවර්ධනය හෝ වෘත්තීය මත පදනම් වූ කුසලතා සංවර්ධනය හැරුණු කොට දේශීය හෝ විදේශීය රැකියාවක් සඳහා විශේෂ සුදුසුකමක් ලෙස සැලකෙන ඉංග්‍රීසි භාෂාව හෝ වෙනත් විදේශීය භාෂාවක නිපුණතාවය, තොරතුරු තාක්ෂණයේ නිපුණතාවය ආදී සහාය පාඨමාලා මඟින් ද තරුණ පුජාව බල ගැන්වීමට ජාතික යොවුන් සේනාංකය හට හැකියාව ලැබී ඇති අතර, ඒ සඳහා නිසි සැලසුම් සහ ඉලක්ක ගත අරමුණු සහිතව කටයුතු කළ යුතුව ඇත.

තරුණ ප්‍රජාව බලගැන්වීමේ නිශ්චිත ඉලක්කයක් වෙත හඹා යමින් ජාතික අරමුණු ජය ගැනීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ දායකත්වය නොපැකිලිව හා කාර්යක්ෂමව ජාතියට ලබා දීම සඳහා ඔබ අප සියලු දෙනාම එකසේ කැපවිය යුතු කාලය එළැඹ ඇත. ඒ සඳහා එක්සිත්ව කටයුතු කිරීමට අවැසි ශක්තිය, ධෛර්ය නොඅඩුව ලැබේවායි ප්‍රාර්ථනා කරන අතරම, අපේක්ෂිත ඉදිරි කටයුතු සියල්ල වඩාත් සාර්ථක අයුරින් සඵල කරගැනීමට හැකියාව ඔබ සියලු දෙනා වෙත ලැබේවා යැයි ද ප්‍රාර්ථනා කරමි.

බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී

අධ්‍යක්ෂ

ජාතික යොවුන් සේනාංකය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button