Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ 2022 වර්ෂයේ 2 වන කණ්ඩායම පුහුණුව ඇරඹේ.

ජාතික යොවුන් සේනාංක දඹුල්ල La Hotelier හෝටල් පුහුණු පාසලේ 2022 වර්ෂයේ 2 වන කණ්ඩායම බඳවා ගැනීමේ සමාරම්භක උළෙල 2022.07.25 වැනි දින පැවැත්විණි. ඒ සඳහා නව පුහුණුලාභින් 194 දෙනෙකු සහභභාගි විය. මෙය මාස 6 ක පූර්ණකාලීන පාඨමාලාවක් වන අතර එම කාලසීමාව තුළ ආහාර පාන සහ නේවාසික පහසුකම් ජාතික යොවුන් සේනාංකය මගින් නොමිලේ ලබා දීමට කටයුතු සලසා තිබේ.

සියලු පාඨමාලාවන් නොමිලේ ලබා දෙන අතර, පාඨමාලාවන් සඳහා න්‍යායාත්මක හා ප්‍රායෝගික පුහුණුව ලබාදෙනු ලැබේ.  පාඨමාලා අදියර 05 ක් යටතේ ක්‍රියාවට නැංවේ. එනම්,

ජාත්‍යන්තර සූපවේදය (International Cookery) NVQ Level IV

භෝජනාගාර සහායක (Food & Beverage) NVQ Level IV

පේස්ට්‍රි බේකරි අංශය (Pastry & Bakery) NVQ Level IV

ගෘහ පාලන අංශය (Hotel House Keeping) NVQ Level III

පිළිගැනීමේ අංශය (Front Office) NVQ Level III

හෝටල් පුහුණු පාඨමාලා කාල සීමාව තුළ පුහුණුලාභීන් සඳහා පෞරුෂ සංවර්ධනය, නායකත්වය, ජීවන කුසලතා සංවර්ධන පුහුණුව, චීන භාෂාව, තොරතුරු තාක්ෂණය හා ඉංග්‍රීසි භාෂාව පිළිබඳ මූලික දැනුම ද ජාතික යොවුන් සේනාංකය මඟින් ලබා දෙනු ලැබේ. මාස 6 ක පුහුණුවෙන් පසුව රැකියා ගත පුහුණුව සඳහා හෝටල් ක්ෂේත්‍රයේ ආයතනවලට පුහුණුලාභීන් යොමු කිරීම ද ජාතික යොවුන් සේනාංකය පුහුණුලාභීන් වෙනුවෙන් සිදු කරන විශේෂ කාර්යයකි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button