Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සුපසන් තාරුණ්‍යයේ නිර්මාණාත්මක පෙළගැස්ම “Y-art” සාර්ථකව අවසන් වෙයි.

ජාතික යොවුන් සේනාංක යොවුන් ශිෂ්‍යභටයින්ගේ හසුරු කුසලතා සංවර්ධනය කිරීම තුළින් ඔවුන්ගේ දක්ෂතා එළිදැක්වීම සහ සහතිකපත් ප්‍රදානෝත්සවය ඊයේ (19) දින, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්, බත්තරමුල්ල දියත පරිශ්‍රයේ දී පැවැත්වුණි.

මානව සිතුවිලි, හැකියාවන් සහ ශිල්පීය දක්ෂතාව මත පදනම්ව වර්ණ, හැඩතල, රේඛා ආදී ප්‍රකාශන මාධ්‍යයන් හරහා එළිදකින විවෘත කලා මාධ්‍යයක් ලෙස චිත්‍ර හා නිර්මාණකරණය හඳුන්වා දිය හැක. එකී සංකල්පය පාදක කර ගනිමින් ජාතික යොවුන් සේනාංක 2023 පුහුණුලාභී යූත් කැඩෙට්වරුන්ගේ පුහුණු සැලැස්මෙහි අන්තර්ගත ව්‍යාපෘතියක් ලෙස දින තුනක් පුරාවට මෙම චිත්‍ර හා නිර්මාණකරණ වැඩමුළුව යූත් කැඩෙට්වරුන් 150කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ක්‍රියාත්මක විය.

ප්‍රවීණ චිත්‍ර හා නිර්මාණ උපදේශක මණ්ඩලයක් යටතේ ශිල්පිය ඥානය ලබා දී, වැඩමුළුව අවසානයේ දී යොවුන් ශිෂ්‍යභටයින්ගේ හැකියාවන් උපයෝගී කරගනිමින් ග්‍රැෆික් නිර්මාණ, මෝස්‌තර නිර්මාණ, පෝට්රේට් නිර්මාණ, සජීවී පරිසර චිත්‍ර නිර්මාණ, තණකොළ ආශ්‍රිත නිර්මාණ, කෘතීම මල් සැකසීම, මැටි ආභරණ නිර්මාණ හා මූර්ති නිර්මාණ සිදු කරනු ලැබීය. මෙහිදී සුවිශේෂී දස්කම් දැක්වූවන් ඇගයීමට ද ලක් කරමින් සහතිකපත් ප්‍රදානය කිරීම සිදු විය.

මෙම අවස්ථාවට කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතාන, ජාතික යොවුන් සේනාංක සභාපති නිලන්ත ඒකනායක, අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ, ජාතික ශිල්ප සභාවේ නිලධාරී මහත්ම මහත්මීන්, සම්පත්දායකයින්, අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, මූලස්ථාන නිලධාරීන් ඇතුළු යොවුන් ශිෂ්‍යභටයින් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button