Register Now

NYC E-සගරාව

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ඔබේ අනාගතය අප සමඟ මෙහෙයවන්න

ජාතිය නැවත ගොඩ නැගීමේ නව අභියෝගයට උරදිය හැකි නායකත්ව ගුණාංගයෙන් සහ ශක්තිමත් පෞරුෂයකින් හෙබි නිපුනතා පිරිපුන් තාරුණ්‍යයට මංපෙත් විවර කිරීම අත්‍යවශ්‍ය වූ වකවානුවක 2002 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ව්‍යාපෘතියක් වශයෙන් ස්ථාපිත, 2003 ඔක්තෝම්බර් මස 10 වන දින අංක 1309/17 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලෙස ‘අංක 01- 2003 දරණ යොවුන් බලකා නියෝග’ මගින් යොවුන් සේනාංකය ක්‍රියාත්මක කරනු ලැබීය. එලෙස ක්‍රියාවට නැංවුණු ජාතික යොවුන් සේනාංකය රාජ්‍ය ආයතනයක් ලෙස 2002 වසරේ දෙසැම්බර් 17 වන දින, ටී.බී.ජයා මාවතේ (වත්මනේ) මහවැලි ගොඩනැගිල්ලේදී, කර්නල් චන්න ගුණතිලකගේ සභාපතිත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. පුහුණු වන යෞවන යෞවනියන් “රේන්ජර් නායකයින්” යන නාමයෙන් හදුන්වමින් පළමු පාඨමාලාව ඇඹිලිපිටිය, එරමිණියාය, හෙයියන්තුඩුව හා රන්ටැඹේ යන රේන්ජර් නායක පුහුණු මධ්‍යස්ථාන 04කින් ආරම්භ කරන ලදී. දෙවන පාඨමාලාවේ සිට පුහුණු යෞවන යෞවනියන් “රේන්ජර්වරුන්” ලෙස හදුන්වමින් අද වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58ක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ආරම්භයේදී රේන්ජර් නායකයින් ලෙස බදවා ගන්න ලද 100ක පමණ ප්‍රමාණයක් වර්තමාය වන විට දිවයින පුරා විසිරි ඇති පුහුණු මධ්‍යස්ථානයන්හි විනය සරඹ උපදේශකවරුන් ලෙස කටයුතු කරමින් සිටි.

වැඩිදුර කියවන්න

ආරම්භ කිරීම සඳහා
අපගේ ආයතනයකට පිවිසෙන්න

සාක්ෂින්

ජාතික යොවුන් සේනාංක පුහුණුලාභියෙකු ලෙස එක්වන යෞවන යෞවනියන් වෙත ඉතා වටිනා වරප්‍රසාද රැසක් හිමිවනු ඇත.

  • නිල ඇදුම්, සපත්තු.
  • විශ්ව විද්‍යාලයීය ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අනුමැතිය ලත් SIBA විශ්ව විද්‍යාලය මගින් තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව සදහා පිරිනමනු ලබන සහතිකය.
  • රක්ෂණාවරණයක්.
වැඩිදුර කියවන්න

දැක්ම

ආසියානු කලාපය තුල තාරුණ්‍ය සදහා ජිවන කුසලතා සංවර්ධනය කරනු ලබන ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය බවට පත්වීම.

මෙහෙවර

දැනුම, නිපුණතා හා කුසලතාවයන්ගෙන් පරිපුර්ණ විනයගරුක, අභියෝගයන්ට නොසැලෙන ජවසම්පන්න තාරුණ්‍ය, ජිවන කුසලතා සංවර්ධනය තුලින් ගොඩනැංවීම සහ වෘත්තිය නිපුණත්වයට අවැසි කුසලතාවයන්හි හිඩැස පිරවීම තුලින් ශ්‍රී ලාංකේය සංවර්ධනයට දායක වීම. 

දැක්ම

“ගෝලීය සමාජයට ගැලපෙන, අභිමානවත්, සමබර ශ්‍රී ලාංකීය තාරුණ්‍යයක්”

මෙහෙවර

“නව්‍ය සංස්කෘතියක් උදෙසා සමාජ සංවර්ධනයට දායක වෙමින් ජාත්‍යන්තරව පිළිගත් ප්‍රමුඛතම සේවා සම්පාදන ආයතනය ලෙස ජීවන නිපුණතා ප්‍රශස්තව හා තිරසරව අත්කර දෙමින් ඉලක්ක ප්‍රජාව බලගන්වමින් ජාතික සංවර්ධනයට දායක වීම.”

ඉදිරියට එන සිදුවීම්

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button