Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය හා ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය අතර අවබෝධතා ගිවිසුමක්

ඇගළුම් ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා සදහා සුදුසු යෞවන යෞවනියන් ජාතික යොවුන් සේනාංකය විසින් තෝරා ගැනීමෙන් අනතුරුව ඔවුන් වෙත මූලික පෞරුෂ සංවර්ධන පුහුණුව ලබා දී, කෙටි කාලීන පුහුණු වැඩසටහන් මගින් පුහුණුව ලබා දීම ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරිය මගින් සිදු කරනු ලබයි. ඒ සදහා වූ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීම පසුගිය 24 වන දින, ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක මහතා සහ ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරි එරංග බස්නායක මහතා අතර ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දී සිදු විය.

මෙම අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමේ අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන) සමන් කුලසූරිය මහතා, සහකාර අධ්‍යක්ෂ ඉනෝකා ගුණවර්ධන මෙනවිය, ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ උප සභාපති මහේෂ් ආරියරත්න මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගි වී සිටියහ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button