Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකය ජාත්යන්තර අවධානය දිනා ගනී.

ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා පාඨමාලාව අද වන විට ජාත්‍යන්තරව පිළිගත් City & Guilds ආයතනයේ අනුමත පාඨමාලාවක් බවට පත් ව ඇත. එහි ප්‍රතිඵලයක් ලෙස එම පාඨමාලාව සඳහා දේශීය හා විදේශීය අවධානය යොමුව ඇති බව අප ඉතා සතුටින් සඳහන් කරන්නෙමු.

ජාතික යොවුන් සේනාංකය හා සම්බන්ධ වන තරුණ තරුණියන් ජාත්‍යන්තර මට්ටමට රැගෙන යාමේ අරමුණින් ජාතික යොවුන් සේනාංකය, AIESEC සංවිධානය සමඟ විශේෂ ව්‍යාපෘතියක් සඳහා 2022 මැයි 29 වැනි දින අවබෝධතා ගිවිසුමක් අත්සන් කරන ලදී.

ජාතික යොවුන් සේනාංක පුහුණු හා සංවර්ධන අංශයේ වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර එහි පළමු අදියර ලෙස 2022 ජූලි මස 14 වැනි දින දෙහිඕවිට ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී “Skill up” නමින් වැඩසටහනක් දේශීය හා ඊජිප්තු හා ජර්මන් විදේශීය විශ්වවිද්‍යාලවල සිසුන් සහභාගිත්වයෙන් ආරම්භ කරන ලදී.

AIESEC සංවිධානය යනු 1948 දී ආරම්භ කරන ලද රාජ්‍ය නොවන හා ලාභ නොලබන සංවිධානයක් වන අතර තරුණ තරුණියන් හට නායකත්ව හැකියාවන් හා කුසලතා වර්ධනය කරගැනීමට, සම්පූර්ණයෙන්ම තරුණයින් විසින් ම පවත්වා ගෙන යනු ලබන ගෝලීය වේදිකාවකි. ජාත්‍යන්තර වශයෙන් ජාතික යොවුන් සේනාංක පුහුණුලාභීන්ට අත්දැකීම් ලබාදීමත් අන්තර්ජාතික ලෙස ප්‍රචාරය ලබාගැනීමත් මෙම ව්‍යාපෘතියේ අරමුණ වන අතර දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානවල දී ඉදිරියටත් මෙවැනි වැඩසටහන් ක්‍රියාත්මක කිරීම ජාතික යොවුන් සේනාංකයේ අපේක්ෂාවයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button