Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජපන් රැකියා සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක්…

“ජපන් සිහිනයට හරි මඟක්” මැයෙන්, ජාතික යොවුන් සේනාංකය මඟින් සංවිධානය කළ ජපන් රටේ රැකියා අවස්ථා සම්බන්ධ දැනුවත් කිරීමේ වැඩසටහනක් ජුනි 14 වන දින, දඹුල්ල ඉනාමළුව හෝටල් පුහුණු පාසලේ දී සමන් හේරත් මහතාගේ සම්බන්ධීකරණය යටතේ කුසුඩා යූරි මහත්මිය (CEO of Gaia International Center Co.), අකිටා මහතා (Chairman of Japanese sushi restaurant Association), වෛද්‍ය ප්‍රිතාන්ත පෙරේරා මහතා ඇතුළු ජපන් නියෝජිත පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

අදාළ ක්ෂේත්‍රයේ දැනුම, වෘත්තීය පළපුරුද්ද, දක්ෂතාවය හා පුහුණුව ලද යෞවන යෞවනියන් ජපන් රටේ හෝටල් ක්ෂේත්‍රයේ සහ සාත්තු සේවක රැකියා අවස්ථා සඳහා යොමු වන්නේ කෙසේද, භාෂාව ඇතුළුව ඒ සඳහා සපුරාලිය යුතු මූලික සුදුසුකම් කවරේ ද යන්න පිළිබඳ මෙහිදී දැනුවත් කළ අතර, මෙම වැඩසටහන සඳහා ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (පුහුණු), දඹුල්ල ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ විදුහල්පති, ජපන් නියෝජිතයින්, යෞවන යෞවනියන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button