Register Now

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශ ලේකම් තුමාගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංකය, විනය, නායකත්වය හා පෞරුෂය යන ත්‍රිවිධ තේමාවන් මූලික කරගනිමින් ශ්‍රී ලාංකේය තාරුණ්‍යය වෙනුවෙන්ම කටයුතු කරන රාජ්‍ය ආයතනයකි. එහි ආයතනික වෙබ් පිටුව සඳහා පණිවුඩයක් නිකුත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව කෘතඥතාවය පළ කර සිටිමි.

නිපුණතාවෙන් පිරිපුන් තරුණයකු බිහි කිරීම සඳහා මෘදු කුසලතා සහ පෞරුෂ සංවර්ධන මූලික පාඨමාලාව මෙන්ම, අනාගත රැකියා වෙළෙඳපොළ ඉලක්ක කරගනිමින් වෘත්තීය පුහුණු පාඨමාලා සඳහා ශිෂ්‍යත්ව ලබා දෙමින් ජාතික යොවුන් සේනාංකය ක්‍රියාත්මක කරනු ලබන කාර්යභාරයන් අගය කළ යුතුය. එමෙන්ම, ප්‍රජාව වෙනුවෙන් භාෂා පාඨමාලා, ක්‍රීඩා කුසලතා සංවර්ධන වැඩසටහන්, සෞන්දර්ය පුහුණු වැඩසටහන් ආදී නව පාඨමාලා හා වැඩසටහන් හඳුන්වා දෙමින් හා දෙස් විදෙස් පිළිගත් ඇගයුම් කුසලතා සහතික ලබා දෙමින් ඔවුන් රැකියාගත කිරීමට අවශ්‍ය පියවර අනුගමනය කරමින් ජාතික යොවුන් සේනාංකය තරුණ ප්‍රජාවට සිය ජීවන ගමන්මඟ වෙනස් කරගැනීම සඳහා මඟ පෙන්වයි.

වසර 20ක් වැනි කෙටි ඉතිහාසයකට හිමිකම් කියූව ද ආයතනික වශයෙන් බොහෝ ජයග්‍රහණ සනිටුහන් කරමින් ඉදිරියටම යන ජාතික යොවුන් සේනාංකයෙහි ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

කේ. මහේෂන් මහතා

ලේකම් - ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button