Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

යොවුන් සේනාංක නව අධ්‍යක්ෂවරයා අලුත් අවුරුද්දේ සුබ මොහොතින් වැඩ භාර ගනී….

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක කෙරෙන ප්‍රමුඛතම යෞවන පෞරුෂ සංවර්ධන රාජ්‍ය ආයතනය ලෙස ගැනෙන ජාතික යොවුන් සේනාංකයේ 13 වන අධ්‍යක්ෂවරයා ලෙස කර්නල් ආර්.එම්.එස්.පී රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී මහතා 2023.04.17 පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් රාජකාරී ආරම්භ කරන්නට විය.
 
2002 වසරේදී යොවුන් සේනාංකය ආරම්භ කරන අවස්ථාවේ ප්‍රධාන අරමුණ වූ තරුණ ප්‍රජාව ධනාත්මක ආකල්පවලින් හා වෘත්තීය කුසලතාවයන්ගෙන් සවිබල ගන්වා ජාතික සංවර්ධන සංග්‍රාමයට දායක කිරීමේ කාර්යභාරය වර්තමානයට ද නොවෙනස්ව එලෙසම පැවරී ඇති බවත්, එදාට වඩා අද වන විට ජාතික යොවුන් සේනාංකයෙන් අපේක්ෂිත කාර්යභාරය ජාතියට හා රටට ලබා දිය යුතු කාලය මේ මොහොත බවත්, ඒ වෙනුවෙන් සියලු දෙනා කැප වී ක්‍රියා කළ යුතු බවත් නව අධ්‍යක්ෂවරයා වැඩ අරඹමින් පැවසුවේය.  
 

මෙම අවස්ථාවට අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, මූලස්ථාන නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button