Register Now

පුහුණුව

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

 ජාතික යොවුන් සේනාංක මූලික පුහුණු කාල සීමාව මාස 06කි. වසරකට කණ්ඩායම් 02 බැගින් පාඨමාලා 02ක් පවත්වනු ලබයි. එමෙන්ම මේ පුහුණු පාඨමාලා තුළම ත්‍රෛ මාසික පාඨමාලා ද සකස් කර ඇත. මූලික පෞරුෂ සංවර්ධන පුහුණු පාඨමාලාව සහා මෘදු කුසලතා, පෞරුෂ සංවර්ධනය හා වෘත්තීය මාර්ගෝපදේශනය පදනම් කර ගනිමින් පාඨමාලා විෂය නිර්දේශයන් සකස් වී ඇත. මෙම සියලු විෂය නිර්දේශයන් විධිමත් ලෙස ආවරණය කරනු ලබන අතර, විනය, නායකත්වය සහ පෞරුෂය යන තෙවැදෑරුම් කාරණාවන්ට මුල් තැන දෙමින් කාර්ය සාධන පුහුණුවීම්, ප්‍රජා මූලික වැඩසටහන්, මධ්‍යස්ථාන, පළාත් සහ ජාතික මට්ටමේ ක්‍රීඩා හා සංස්කෘතික ඉසව් වැනි දෑ ද ජාතික යොවුන් සේනාංක ඉගෙනුම් ක්‍රියාවලියට ඇතුළත් කර ඇත. ජාතික යොවුන් සේනාංක පුහුණුවේ විෂය මාලාව ඉංග්‍රීසි, තොරතුරු තාක්‍ෂණය, දෙමළ සහ සෞන්දර්යය වැනි අධ්‍යයන ක්ෂේත්‍රයන්ගෙන් ද සමන්විත වේ.

ඉංග්‍රීසි

ඉංග්‍රීසි භාෂාවෙහි තිබෙන ජාතික සහ අන්තර්ජාතික ව්‍යවහාරික වැදගත්කම සලකමින් ජාතික යොවුන් සේනාංකය ස්වකීය ආයතනික පුහුණුලාභීන්ගේ කුසලතා සහ භාෂා දැනුම වර්ධනය කිරීමට නිසි පියවර ගෙන තිබේ. ඒ අනුව ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විෂය නිර්දේශය සකස්කර තිබෙන්නේ සන්නිවේදනය, කථනය සහ අනාගත වෘත්තීය මග ජයගැනීමට අවශ්‍ය මූලික දැනුම ද ලබා දීමේ අරමුණ ඇතිවය

දෙමළ

තම මවු භාෂාව මෙන්ම දෙවන භාෂාව ලෙස ශ්‍රී ලංකාවේ බහුතර පුරවැසියන්ගේ පිළිගැනීමට ලක්ව ඇති දමිළ භාෂාව රටේ ජාතික සංහිදියාව ගොඩනැගීමේ දී සුවිශේෂී පිටුබලයක් සපයනු ලබයි. එමෙන්ම රාජ්‍ය සේවයේ එක් ප්‍රවීණතා මට්ටමක් සපුරා ගැනීම පිණිස ද දමිළ භාෂාව බොහෝ වැදගත්කමක් දක්වයි. සිය මවුබස දෙමළ නොවන පුහුණුලාභීන් එහි ඉගෙනුම් ක්‍රියාවලිය ග්‍රහණය කර ගැනීමට දැඩි උනන්දුවක් දක්වන බැවින් ජාතික යොවුන් සේනාංකය විසින් භාෂාව පුරුදු පුහුණු වීමට සම්ප්‍රදායික ක්‍රමවේදයන්ගෙන් බැහැරව වඩාත් දියුණු සහ උද්යෝගිමත් ශිෂ්‍ය කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමවේදයන් හඳුන්වා දී ඇත.

චීන

ජාතික යොවුන් සේනාංකයේ සියලුම පුහුණු මධ්‍යස්ථානවල චීන භාෂාව ද ඉගැන්වේ. නියමු ව්‍යාපෘතියක් ලෙස 2018 දී දඹුල්ල යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයෙන් ආරම්භ කරන ලද චීන භාෂා අධ්‍යයනය මේ වන විට වඩාත් පුළුල් කරමින් සියලුම මධ්‍යස්ථානවලට ව්‍යාප්ත කර තිබෙන්නේ ඉගෙනුම් ක්‍රමවේදය වඩා විධිමත් කරමිනි.

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය

තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණය ද පුහුණු විෂය නිර්දේශය යටතේ වැදගත් අංශයක් ලෙස සැලකේ. විශ්වයම එකම ගම්මානයක් බවට පත්ව තිබිය දී ඊට අනුගත වෙමින් අනාගත පුරවැසියන් තොරතුරු තාක්ෂණයෙන් සවිබල ගැන්වීම සදහා මූලික පුහුණුවක් ලබා දීම ජාතික යොවුන් සේනාංකය මගින් ඉටු කරනු ලබයි. වෘත්තීය මග ජය ගැනීමටත්, තාක්ෂණය මනා ලෙස හසුරවාලීමටත් මෙහිදී අවශ්‍ය දැනුම ලබා දීම සිදු කරයි. සියලුම පුහුණු මධ්‍යස්ථානයන්හි අවශ්‍ය පහසුකම්වලින් අනූන විද්‍යාගාර පහසුකම් මෙන්ම පළපුරුදු උපදේශක මණ්ඩලයකින් සමන්විතය.

සෞන්දර්ය

සෞන්දර්යය යනු අභ්‍යාසලාභීන් අතර ජනප්‍රිය විෂයයකි. මෙම විෂය අභ්‍යාසලාභීන්ගේ පෞරුෂ වර්ධනයට බෙහෙවින් උපකාරී වී ඇත. ජාතික යොවුන් සේනාංක පුහුණුව අතරතුරදී වර්ධනය වූ තම කුසලතාවයන් ප්‍රදර්ශනය කරමින්, තම නිර්මාණශීලීත්වය එළිදැක්වීමට අභ්‍යාසලාභීන් සඳහා වාර්ෂිකව පැවැත්වෙන “පෞර්ෂාභිමානය” කදිම වේදිකාවක් වේ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button