Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයා හෝටල් පුහුණු පාසලේ සංචාරයක නිරත වෙයි.

ජාතික යොවුන් සේනාංකය යටතේ පවත්වාගෙන යනු ලබන දඹුල්ල ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ වත්මන් තත්ත්වය, එහි ක්‍රියාකාරීත්වය සහ ඉදිරි වැඩ කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමේ වැඩසටහනකට පසුගිය 25 වනදා, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා සහභාගී විය.

හෝටල් පුහුණු පාසලේ කාර්යක්ෂමතාවය වැඩි කරමින්, එයින් උපරිම ඵලදායීතාවය ශ්‍රී ලාංකේය තාරුණ්‍ය වෙත ලබා දීමටත්, ඒ හරහා දෙස් විදෙස් රැකියා අවස්ථා සඳහා යොමු කරමින් ශ්‍රී ලංකාවට වැඩි විනිමය අනුපාතයක් ගෙන ඒමටත් හැකි වන ලෙස ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසල ගොඩනැඟීම සියලු නිලධාරීන්ගේ වගකීමක් බව යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

සියලු අංශ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරමින්, වැඩි දියුණු විය යුතු අංශ ද පෙන්වා දුන් අධ්‍යක්ෂවරයා සහභාගි වූ මෙම වැඩසටහනට ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (පුහුණු), මධ්‍යම පළාත් අධ්‍යක්ෂ, හෝටල් පුහුණු පාසලේ විදුහල්පති, මූලස්ථාන නිලධාරීන්, උපදේශක උපදේශිකාවන් ඇතුළු පුහුණුලාභීන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button