Register Now

පෞරුෂාභිමාන

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

පෞරුෂාභිමාන

ජාතික යොවුන් සේනාංක වාර්ෂික වැඩසටහන් නාමාවලියේ විශිෂ්ට සංදිස්ථානයක් ලෙස “පෞරුෂාභිමාන” කලා සහ සෞන්දර්යාත්මක කලා මංගල්‍යය සදහන් කළ හැකිය. ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයන්හි උපදේශක මණ්ඩලය ඇගයීමටත්, පුහුණුලාභී යෞවන යෞවනියන්ගේ නර්තන, ගායන, රංගන ඇතුළත් කළඑළි මංගල්‍යයක් ලෙසටත් මෙය සංවිධානය කරනු ලබයි.

මේ වූ කලි ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානවල සේවය කරන කාර්ය මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද, පුහුණු අපේක්‍ෂක අපේක්‍ෂිකාවන් ද සහභාගී වන වාර්ෂිකව අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වෙන චිත්තාකර්ෂණීය අති දැවැන්ත කලා සහ සෞන්දර්ය උළෙලකි. එහි අන්තර්ගතය වශයෙන් ජාතික මෙන් ම බහු සංස්කෘතික ප්‍රාසංගික අංග ඉදිරිපත් කරනු ලැබේ. ජාතික යොවුන් සේනාංකයේ පුහුණුව ලබන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි යෞවන යෞවනියන් ගේ කුසලතාපූර්ණ දක්ෂතා එළිදැක්වෙන “පෞරුෂාභිමාන” ප්‍රාසංගික උළෙලට සමගාමීව, ස්වාධීන නිරීක්ෂක මණ්ඩලයකින් තෝරා ගැනෙන, ඉමහත් ඇපකැප වීමෙන් සේවයෙහි නියුක්ත කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන් ද ඇගයීමට ලක් කෙරෙන සහ ඔවුන්ට වටිනා ත්‍යාග සහ සහතිකපත් ප්‍රදානය කෙරෙන වැඩසටහනක් ලෙස ද මෙය සංවිධානය කරනු ලැබේ. වර්ෂ අවසානයේ පැවැත්වෙන මේ අත්‍යාලංකාර ප්‍රාසාංගික කලා මංගල්‍යය විශිෂ්ටත්වයට පත් කෙරෙමින් සම්භාවනීය අමුත්තෝ ද, විශේෂ ආරාධිතයෝ ද, නරඹන්නෝ ද රැසක් සහභාගී වෙමින් ජාතික මට්ටමේ සුවිශේෂී වේදිකාවක් මත දී මෙම කලා උළෙල පැවැත්වේ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button