Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

මනෝ උපදේශන පාඨමාලාවේ දෙවන කණ්ඩායම් සහතික ප්රදානෝත්සවයේ දිවයිනේ ප්රථම ස්ථානය ජාතික යොවුන් සේනාංකයට …

දුම්කොළ හා මද්‍යසාර පිළිබඳ ජාතික අධිකාරිය National Authority on Tobacco & Alcohol මගින් පවත්වන ලද සහතික පත්‍ර මනෝ උපදේශන පාඨමාලාවෙහි දෙවන කණ්ඩායමෙහි සහතික ප්‍රදානෝත්සවය 2022 අගෝස්තු 10 දින ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්‍ෂ ජෙනරාල් ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි.

එහිදී දිවයිනේ ප්‍රථම ස්ථානය අලව්ව ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ ජීවන කුසලතා උපදේශක විහඟ විදානපතිරණ මහතා විසින් ලබාගත් අතර පහත නම් සඳහන් ජාතික යොවුන් සේනාංක ජීවන කුසලතා උපදේශකවරුන්ද සාර්ථකව පාඨමාලාව අවසන් කර සහතිකපත් හිමි කරගැනීමට සමත් විය.

අයි.අයි.ඊ.සිල්වා – යක්කල පුහුණු මධ්‍යස්ථානය

එම්.එන්.මුතුකුමාරණ -කටුනායක පුහුණු මධ්‍යස්ථානය

එල්.සී.එන්.ප්‍රනාන්දු – බුලත්සිංහල පුහුණු මධ්‍යස්ථානය

කේ.ඒ.සී.පී.මධුශංක – බුලත්සිංහල පුහුණු මධ්‍යස්ථානය

ජි.ජි.එම්.ආර්.ශ්‍රීලාල් – ගාල්ල පුහුණු මධ්‍යස්ථානය

එස්.එල්.ජයතිලක – කෑගල්ල පුහුණු මධ්‍යස්ථානය

එස්.එන්.එස්.ද සිල්වා – දික්වැල්ල පුහුණු මධ්‍යස්ථානය

ඩි.ඒ.ඒ.ඩිමන්ශි – ලුණුගම්වෙහෙර පුහුණු මධ්‍යස්ථානය

එල්.සී.ඒ.ආරියරත්න – ලුණුගම්වෙහෙර පුහුණු මධ්‍යස්ථානය

එන්.එන්.දිසානායක – ඇඹිලිපිටිය පුහුණු මධ්‍යස්ථානය

ආර්.බී.ජි.එස්.බෝදාවත්ත – මූලස්ථානය

කේ.ඩබ්.එස්.ආර්.කුමාර – ගලිගමුව පුහුණු මධ්‍යස්ථානය

ඊ.වී.එස්.අනුරාධා – බලංගොඩ පුහුණු මධ්‍යස්ථානය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button