Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

මහනුවර – දෙනුවර කලාපයේ පාසල් සඳහා වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක්…

මහනුවර – දෙනුවර කලාපයේ සියලුම පාසල් ආවරණය වන පරිදි විදුහල්පතිවරුන්, තාක්ෂණ විෂයභාර ආචාර්යවරුන්, උපදේශනය භාර ආචාර්යවරුන් ඇතුළු පිරිසකට වෘත්තීය අධ්‍යාපනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහනක් 2023 මැයි මස 19 වන දින, කෝප් කමිටු සභාපති මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් පිළිමතලාව ධීරානන්ද ජාතික පාසලේදී පැවැත්වුණි.

පාසැල් හැරයන ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෘත්තීය අවස්ථාවන් වෙත යොමු කරන්නේ කෙසේද, ඒ සඳහා කවර වැඩ පිළිවෙලක් අනුගමනය කළ යුතුද යන්න පිළිබඳ දැනුවත් කිරීම ජාතික යොවුන් සේනාංකය මඟින් සිදු කෙරුණු අතර, මෙම වැඩමුළුව සඳහා ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක, ජාතික තරුණ සේවා සභාවේ සභාපති, වෘත්තීය  පුහුණු අධිකාරියේ සභාපති, ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ පුහුණු, මධ්‍යම පළාත් අධ්‍යක්ෂ ඇතුළු මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button