Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

‘සෙනෙහෙ පියස’ නිවාස ව්‍යාපෘතියෙන් තවත් නිවසක්…

ජාතික යොවුන් සේනාංකය මගින් ක්‍රියාත්මක කරනු ලබන “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය මගින් යොවුන් සේනාංක 58 මගින් අඩු ආදායම්ලාභී, නිවසක් සිහිනයක් වූ පවුල් 58ක් සඳහා නව නිවසක් ඉදිකරලීමේ මහගු කටයුත්තේදී අනුරාධපුර ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදිකරන ලද නව නිවස, අනුරාධපුර දිස්ත්‍රික්කයේ නැගෙනහිර නුවර ගම්පළාත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වේළුවන ග්‍රාමයේ පදිංචි දිනූෂා නිලන්ති වීරසිංහ මහත්මිය වෙත භාරදීමේ අවස්ථාව 2022.11.09 වැනි දින උත්කර්ෂවත් ලෙස සිදුකරන ලදි. යොවුන් සේනාංක මධ්‍යස්ථානාධිපතිතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ උත්සාහය හා කැපවීම මෙන්ම ප්‍රදේශයේ පරිත්‍යාගශීලීන්ගේ උදව් උපකාර මත මෙම කාර්යය නිමකිරීමට හැකිවිය.
එම අවස්ථාවට ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා මහතා, ජාතික යොවුන් සේනාංකයේ සභාපතිතුමා ඇතුළු උතුරු මැද පළාත් අධ්‍යක්ෂතුමා, ප්‍රාදේශීය ලේකම්තුමා ඇතුළු නිලධාරීන්, රාජ්‍ය ආයතනවල නියෝජිතයින් රැසක් සහ උතුරු මැද පළාත නියෝජනය කරමින් පුහුණු මධ්‍යස්ථානවල මධ්‍යස්ථානාධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button