Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

දඹුල්ල හෝටල් පුහුණු පාසලේ සහතිකපත් ප්‍රදානෝත්සවයට වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා එක්වෙයි.

දඹුල්ල ජාතික යොවුන් සේනාංක හෝටල් පුහුණු පාසලේ 2023-1 කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය පසුගිය දා (07), වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

දෙස් විදෙස් රැකියා අවස්ථා හිමි කරගත හැකි  හෝටල් ක්ෂේත්‍රය තුළ පවතින රැකියා අවස්ථා සඳහා පුහුණුලාභීන් යොමු කිරීමට මෙම හෝටල් පුහුණු පාසලට හැකියාව ලැබී ඇති අතර, එම අවස්ථාවන් වඩාත් පුළුල් කිරීමට අවශ්‍ය පියවරයන් කඩිනමින් ලබා ගැනීමට සියලු අංශ එක්ව කටයුතු කළ යුතු බවට මෙහිදී අමාත්‍යවරයා පවසා සිටියේය.

මෙම අවස්ථාවට ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක මහතා, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ මණ්ඩලය, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, පුහුණුලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button