Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

වයඹ පළාතේ මධ්‍යස්ථාන සංචාරයට එක් වූ යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයා…

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා පෙරේදා (21) දින, කුලියාපිටිය, පඬුවස්නුවර හා වාරියපොල යන යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන හා වයඹ පළාත් කාර්යාලයේ සංචාරයකට එක් විය.

දිවයින පුරා පිහිටි යොවුන් සේනාංක පද්ධතිය වඩා ඵලදායී ලෙස ඉදිරියට ගෙන යාමට සියලු දෙනාගේ උපරිම සහයෝගය අවශ්‍ය බවත්, ඒ සඳහා තමන් වෙත පැවරී ඇති රාජකාරිය කැපවීමෙන් ඉටු කළ යුතු බවත් අධ්‍යක්ෂවරයා මෙහිදී අවධාරණය කරන්නට විය.  නව බඳවාගැනීම් පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක යෙදුණු අතර, ඒ සඳහා අවශ්‍ය උපදෙස් සහ මඟපෙන්වීම අවශ්‍ය ඕනෑම විටෙක ලබා දෙන බව ද පැවසීය.

මෙම මධ්‍යස්ථාන සංචාරයට වයඹ පළාත් අධ්‍යක්ෂ, මධ්‍යස්ථානාධිපතිවරුන්, උපදේශක උපදේශිකාවන් ඇතුළු යොවුන් කැඩෙට්වරුන් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button