Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

තරුණ හා ක්‍රිඩා අමාත්‍යතුමාගෙන් ජාතික යොවුන් සේනාංකයට හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයට 2022 නව වසරට සුභ පැතුම්.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය ගරු නාමල් රාජපක්ෂ මැතිතුමන් අද ජාතික යොවුන් සේනාංක සභාපතිතුමන් හා කාර්ය මණ්ඩලයට හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ හා කාර්ය මණ්ඩලට 2022 නව වසරේ ඉදිරි කටයුතු සාර්ථක කර ගැනීමට සුභාසිංශන එක් කලේය. ඒ   ජාතික යොවුන් සේනාංක ප්‍රධාන ශ්‍රවණාගාරයේදී පැවති නව වසරේ ඉදිරි පියවරයන් පිළිබඳ වූ විශේෂ රැස්වීමේදීය.එමෙන්ම නව වසර තුල වෙනස්කම් රැසක් කිරීමට බලපොරොත්තුවන බවත් එම වෙනස්කම් අතරින් විශේෂිත වූ කාර්ය ලෙස Digitalization හෙවත් තාක්ෂණය සමග බද්ධ කිරීමේ ව්‍යාපෘතිය මේ වන විට ආරම්භ කර ඇති බවත් ඒ තුලින් 50%කින් පමණ ලිපි ලේඛණ භාවිතය අවම කිරිම මගින් රාජ්‍ය වියදම අවම කර කාර්‍යක්ෂමතාවය වැඩි කරගත හැකි බව එතුමා ප්‍රකාශ කලේය.

ජාතික හැදුනුම්පත ඩිජිටල්කරණය කිරිමේ ගමනට දායකත්වයක් සපයමින් ජාතික යොවුන් සේනාංක පුහුණුලාභීන්ට හා ව්‍යවසායකයින්ට ඩිජිටල් හැදුනුම්පතක් හදුන්වාදීමට හා එය එන්නත්කරණ ඩිජිටල් කාඩ්පතක් හා සමෝදානිත කිරිමට අවශ්‍ය  කටයුතු තරුණ හා ක්‍රිඩා අමාත්‍යාංශය මගින් සම්පාදනය කරමින් සිටින බවට වැඩිදුරටත් පෙන්වා දුන් එතුමා Digital Platform හරහා ගනුදෙනු කිරීමේ අවශ්‍යතාවය හා තරුණ තරුණයින් රැකියාගත කිරිම,රැකියා වෙළෙඳපොළට යොමු කිරිම හා ඔවුන්ගේ පෞරුෂය හා නායකත්වය ගොඩනැගීමේ කාර්යයට මුල්තැන දෙමින් රාජාකාරි කටයුතු ක්‍රියාත්මක කල යුතු බව සදහන් කලේය.

මෙම අවස්ථාවට තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතා,අමාත්‍යාංශ අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා,ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක,කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න මහතා ප්‍රධානව යොවුන් සේනාංක මූලස්ථාන කාර්‍යමණ්ඩලය හා කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ කාර්‍යමණ්ඩලය සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button