Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“පෞරුෂාභිමාන 2023”

ජාතික යොවුන් සේනාංක වාර්ෂික කලා මංගල්‍යය සහ සම්මාන ප්‍රදානෝත්සවය ඊයේ (01) දින, සංචාරක, ඉඩම්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණි.

දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයන්හි ජීවන කුසලතා, තොරතුරු තාක්ෂණය, ඉංග්‍රීසි යන පුහුණු පාඨමාලා සහ දඹුල්ල හෝටල් පුහුණු පාසලේ පුහුණු පාඨමාලා සාර්ථකව අවසන් කර විශිෂ්ඨ දක්ෂතා දැක්වූ පුහුණුලාභීන් ඇගයීම, ක්‍රීඩා සඳහා විවිධ ජයග්‍රහණ ලබාගත් උපදේශක උපදේශිකාවන් සහ යොවුන් ශිෂ්‍යභටයන් ඇගයීම, ජාතික යොවුන් සේනාංක මූලස්ථානයේ සහ මධ්‍යස්ථානවල නිලධාරීන් සහ උපදේශක උපදේශිකාවන් ඇගයීම සහ පුහුණුලාභීන්ගේ කලා කුසලතා එළිදැක්වීම මෙහි ප්‍රධාන අරමුණු විය.

මෙහිදී ඉදිරිපත් කළ සියලුම සංස්කෘතිකාංග ජාතික යොවුන් සේනාංක උපදේශක මණ්ඩලය සහ පුහුණුලාභීන් විසින්ම ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මෙම අවස්‌ථාව සඳහා කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මැතිතුමා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ ලේකම් කේ. මහේසන් මැතිතුමා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ තරුණ කටයුතු පිළිබඳ අතිරේක ලේකම් දිනේෂ් විදානගමාච්චි මැතිතුමා, පොලිස්පති ටී. එම්. ඩබ්. ඩී තෙන්නකෝන් මැතිතුමා, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත අසූසා කුබෝටා මැතිණිය, City & Guilds ආයතනයේ ශ්‍රී ලංකා, මාලදිවයින සහ බංග්ලාදේශ නිත්ය නියෝජිත හිෆාස් අෂ්රොෆ් මැතිතුමා, ජාතික යොවුන් සේනාංක සභාවේ සභාපති චතුරංග උඩවත්ත මහතා, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, ජාතික යොවුන් සේනාංකයේ හිටපු සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන්, රාජ්‍ය සහ රාජ්‍ය නොවන ආයතනයන්හි ආයතන ප්‍රධානීන්, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය, යොවුන් ශිෂ්‍යභටයන් සහ දෙමාපියන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button