Register Now

විවිධත්වයේ එකමුතුව

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

විවිධත්වයේ එකමුතුව

අධ්‍යයන විෂයයන්, ශාරීරික ක්‍රියාකාරකම්, සමාජ හා ප්‍රජා ව්‍යාපෘති, ක්‍රීඩා උළෙල සහ කලා උත්සව ද ජාතික යොවුන් සේනාංක දින දර්ශනයට ද ඇතුළත් වේ. එම කාර්යයන් තුළින් අභ්‍යාසලාභීන්ගේ විශේෂ කුසලතා දිරිමත් කිරීම, කණ්ඩායම් වැඩ ඔප් නැංවීම, චිත්ත ධෛර්යය ඉහළ නැංවීම, ආත්ම විශ්වාසය ඉහළ නැංවීම යනාදිය සිදු වේ. එම ඉසව් හා ක්‍රියාකාරකම් තුළ වූ සමාජයීය, ප්‍රජා සහ බහු සංස්කෘතික අංගයන් හරහා යෞවන යෞවනියන් අතර විවිධත්වයේ එකමුතුව ඇති කරයි. දිවයින පුරා පිහිටි ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන මඟින් සිදු කෙරෙන ප්‍රජා ව්‍යාපෘති සඳහා පුහුණුලාභීන් ඉතා උනන්දුවෙන් සහභාගී වන අතර ඊට සම්බන්ධ බාහිර පාර්ශවයන්ගෙන් නොමසුරු සහයෝගය ද ලැබේ. එවැනි අන්තර් ක්‍රියාවන් තුළින් පුහුණුලාභීන්ගේ චින්තන ක්‍රියාවලිය මෙන්ම විවිධ, බහු වාර්ගික, බහු සංස්කෘතික වූ සමාජයක සමගියෙන් ජීවත් වීමේ හැකියාව ද පුළුල් වේ. ජාතික යොවුන් සේනාංකය පෞරුෂ සංවර්ධන පුහුණු ආයතනයක් වශයෙන් ඔවුන් විසින් කරනු ලබන සෑම කාර්යයකදීම විවිධත්වයේ එකමුතුව කෙරෙහි අවධානය යොමු කර ඇත.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button