Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂවරයා බුලත්සිංහල පුහුණු මධ්‍යස්ථානයේ සංචාරයක…

ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ කර්නල් සුජීව රත්නායක USP psc IG විසින් බුලත්සිංහල පුහුණු මධ්‍යස්ථානය ඊයේ (11) දින සංචාරය කරමින් එහි ක්‍රියාත්මක පුහුණු වැඩසටහන් නිරීක්ෂණය කරන්නට විය.

එමෙන්ම, මෙහිදී යොවුන් ශිෂ්‍ය භටයින් සහ උපදේශකයින් සමඟ අදහස් හුවමාරු කරගත් අධ්‍යක්ෂවරයා පුහුණු මධ්‍යස්ථානයේ අනාගත සංවර්ධන හැඩගැස්ම පිළිබඳව ද අවධානය යොමු කළේය.

මෙම සංචාරයේ දී යොවුන් ශිෂ්‍ය භටයින්ගේ සම්මාන මුරයකින් අධ්‍යක්ෂවරයා පිළිගැනීම විශේෂත්වයකි. එම සම්මාන මුරය අණදීම යොවුන් ශිෂ්‍යභට එන්.ඒ.නෙතුහංස විසින් සිදු කරන ලදී.

මෙම අවස්ථාව සඳහා අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්), බස්නාහිර පළාත් අධ්‍යක්ෂ, බුලත්සිංහල පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති සහ මධ්‍යස්ථාන කාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button