Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

නෙළුවට “සෙනෙහෙ පියසක්”…

ජාතික යොවුන් සේනාංක “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ දකුණු පළාතේ නෙළුව යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය විසින් ඉදිකරන ලද නිවස, සිංහරාජ වනපෙතට මායිම්ව පිහිටි නෙළුව කොස්මුල්ල 233/D ග්‍රාමසේවා වසමේ පදිංචි බි.කේ. සුමිත් මධුරංග මහතා වෙත භාර දීම ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, පසුගිය ජූලි 21 වන දින සිදු විය.

ප්‍රදේශයේ දානපතීන්ගේ මූල්‍යමය දායකත්වය යටතේ, ජාතික යොවුන් ශිෂ්‍යභටයින්ගේ හා කාර්ය මණ්ඩලයේ ශ්‍රම දායකත්වයෙන් ඉදිකෙරුණු මෙම නිවස පිරිත් සජ්ඣායනා මධ්‍යයේ සුබ මොහොතින් ප්‍රතිලාභී පවුල වෙත භාරදුන් අතර, මෙම අවස්ථාවට රාජ්‍ය නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ (පරිපාලන හා මූල්‍ය), දකුණු පළාත් අධ්‍යක්ෂ, මධ්‍යස්ථානාධිපතිවරුන්, කාර්ය මණ්ඩලය ඇතුළු පුහුණුලාභීන් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button