Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

විනය හා සරඹ උපදේශකවරුන්ට උසස්වීමක්…

2002 වසරේ ඇරඹි ජාතික යොවුන් සේනාංකයේ මුල්ම රේන්ජර් නායකයින් ලෙස පුහුණුව ලබා යොවුන් සේනාංකයේ ම වසර 10කට ආසන්න කාලයක් විනය හා සරඹ උපදේශකවරුන් ලෙස රාජකාරී කටයුතු සිදු කළ නිලධාරීන් සඳහා ජීවන කුසලතා උපදේශක පත්වීම් ලබා දීම ජූලි 25 දින, ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතාගේ ප්‍රධානත්වයෙන්, යොවුන් සේනාංක ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

2015 වසරින් පසු වැඩිම පුහුණුලාභීන් පිරිසක් මෙවර ජීවන කුසලතා පුහුණු පාඨමාලාව හැදෑරීම සඳහා එක්ව ඇති අවස්ථාවක මධ්‍යස්ථානයන්හි ඉගැන්වීම් කටයුතු සිදු කිරීම මෙම උපදේශක උපදේශිකාවන් හරහා සිදු කෙරෙයි. මෙම පත්වීම් ලිපි ප්‍රදානය කිරීමේ අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂවරුන්, සහකාර අධ්‍යක්ෂවරුන්, මූලස්ථාන නිලධාරීන් හා නව පත්වීම්ලාභීන් සහභාගී වූහ.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button