Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

නුවරඑළිය කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය හා ජාතික යොවුන් සේනාංකය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කෙරේ.

නුවරඑළිය, කටුමාන ප්‍රදේශයේ වයස අවු. 16-28ත් අතර තාරුණ්‍ය වෙනුවෙන් සිය අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ දී පවතින ආර්ථික හා සමාජයීය දුෂ්කරතාවයන් සැලකිල්ලට ගෙන, ඒ සඳහා දීර්ඝකාලීන විසඳුමක් ලෙස නුවරඑළිය කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය කේන්ද්ර කර ගනිමින්, නුවරඑළිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයට අනුබද්ධිතව තොරතුරු තාක්ෂණ හා භාෂා පුහුණු ඒකකයක් ස්ථාපිත කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම, නුවරඑළිය කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති පූජ්‍ය ගලහිටියාගොඩ සුමනරතන හිමි සහ යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක අතර පසුගියදා (24), යොවුන් සේනාංක මූලස්ථානයේ දී සිදු විය.

නුවරඑළිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය වෙත ප්‍රවේශ වීමේ ප්‍රවාහන හා ආර්ථික දුෂ්කරතා පවතින ප්‍රදේශයේ තරුණ තරුණියන්ට කටුමාන ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ආශ්‍රිතව තොරතුරු තාක්ෂණ හා භාෂා පුහුණු ඒකකයක් ස්ථාපිත කොට ජාතික යොවුන් සේනාංකය මඟින් පුහුණු පාඨමාලා මෙහෙයවන මෙන් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ ඉල්ලීම පරිදි මෙම ඒකකය ස්ථාපිත කිරීම සඳහා ජාතික යොවුන් සේනාංකය සිය එකඟතාවය පළ කරන්නට විය.

මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංකයේ අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (මෙහෙයුම්), සහකාර අධ්‍යක්ෂ (මධ්‍යම පළාත්), නීති නිලධාරී ඇතුළු නිලධාරීන් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button