Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික ඉන්ධන අවසර පත්රය ලබා ගැනීම සඳහා ජාතික යොවුන් සේනාංකයේ සහය

ඉන්ධන ලියාපදිංචිය සඳහා අවශ්‍ය “ජාතික ඉන්ධන අවසර පත්‍රය” නොමිලේ සකස් කර දීමේ ප්‍රජා සත්කාරක ව්‍යාපෘතියක් ජාතික යොවුන් සේනාංකය විසින් දිවයින පුරා විසිරුණු යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන තුලින්,ඉන්ධන පිරවුම්හල් ,දුම්රිය ස්ථාන ,බස් නැවතුම්පොළ වැනි පොදු ස්ථාන තුල  ක්‍රියාත්මක කර ඇත.

මෙහිදී දිවයින පුරා විහිදුනු යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58 හි පුහුණු උපදේශකවරුන් හා යොවුන් ශිෂ්‍යභටයින්ගේ දායකත්වයෙන් QR කේතය (QR Code) සහිතව “ජාතික ඉන්ධන අවසර පත්‍රය” ලබා ගැනීම සඳහා ලියාපදිංචි කිරීමේ කටයුතු සඳහා මහජනතාවට සහයෝගය ලබා දීම සිදු කරනු ලබයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button