Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක ඉදිරි සංයුක්ත සැලැස්ම සම්පාදනය කිරීමේ වැඩමුළුව කුකුලේගඟ ලායා ලෙෂර් හෝටලයේ දී

තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංකයේ ඉදිරි සංයුක්ත සැලසුම සම්පාදනය කිරීමේ වැඩමුළුව නොවැම්බර් මස 4,5 සහ 6 යන තෙදින කුකුලේගඟ ලායා ලෙෂර් හෝටලයේ දී, තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශ ලේකම් අනුරාධ විජේකෝන් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ආයතන තුල පවතින තරඟකාරීත්වය සහ පවතින පාඨමාලවන්හි ගුණාත්මකභාවය වර්ධනය කිරීම,මෘදු කුසලතාවයන්ගෙන් සහිත නිපුණ තරුණ පිරිසක් සඳහා ශ්‍රම වෙළඳපොල තුල ඉඩහසර වෙන් කිරීම, දේශීය සහ විදේශීය රැකියා අවස්ථා සඳහා තරුණයින් පුහුණු කිරීම හා ඉදිරි රැකියා වෙළඳපොල ඉල්ලුමට සරිලන වැඩි තරුණ පිරිසක් බිහිකිරීම වැනි අවස්ථාවන් මෙම පුහුණු කටයුතු පුළුල් කිරීම මඟින් සාක්ෂාත් කර ගත හැකි බවට හඳුනා ගැනින. එමෙන්ම තරුණ ප්‍රජාව වෙත එල්ල වන ගැටළු හා ඔවුන්ගේ දුර්වලතා හඳුනාගෙන ඒවාට නිසි පිළියම් යෙදීමටත් ඒවාට අදාල ශක්තින් උපායමාර්ගිකව හඳුනා ගැනීමත් මෙහිදී වැඩි දුරටත් සාකච්ජා විය. මෙම අවස්ථාව සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍යංශයේ අතිරේක ලේකම් චන්ද්‍රරත්න පල්ලේගම, සමන් ඩී. වඩුගේ, අධ්‍යක්ෂ ජනරාල් ගාමිණී වික්‍රමපාල, රාජ්‍ය අමාත්‍යංශ ලේකම් රවීන්ද්‍රා සමරවික්‍රම යන මහත්ම මහත්මීන් ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, අමාත්‍යංශය යටතේ ඇති ක්‍රීඩා සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ අමල් එදිරිසූරිය, කුඩා ව්‍යාපාර සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ සුධීර ජයරත්න, මිනිස්බල හා රැකියා දෙපාර්තමේන්තුවේ සැලසුම් හා පර්යේෂණ අධ්‍යක්ෂ සුමිත් පෙරේරා යන මහත්වරුන් මෙන්ම, ජාතික යොවුන් සේනාංක සභාපති කර්නල් දර්ශන රත්නායක, යොවුන් සේනාංක සභාවේ සාමාජික ආචාර්ය ඒ.එම්.එන්.සී.අබේසිංහ, පරිපාලන හා මූල්‍ය අතිරේක අධ්‍යක්ෂ නිශාන්ත පුෂ්පකුමාර, පුහුණු හා සංවර්ධන අතිරේක අධ්‍යක්ෂ සමන් කුලසූරිය, සහකාර අධ්‍යක්ෂවරුන්, පළාත් අධ්‍යක්ෂවරුන්, මධ්‍යස්ථානාධිපතිවරුන් මෙන්ම, ජාතික යොවුන් සේනාංකයේ හිටපු පුහුණු හා සංවර්ධන අතිරේක අධ්‍යක්ෂ නිවන්ත කණුවන, බාහිර සම්පත්දායකයින් ඇතුළු මූලස්ථාන නිලධාරීන් රැසක් සහභාගි විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button