Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සරඹ හා විනය උපදේශකවරුන්ට දින 10ක වැඩමුළුවක්..

ජාතික යොවුන් සේනාංකයේ ජීවන කුසලතා විෂය නිර්දේශය ඉගැන්වීමට කැමැත්තක් දක්වන සරඹ හා විනය උපදේශකයින් සඳහා පැවැත්වෙන දින 10ක වැඩමුළුවේ පළමු අදියර ජුනි 05 දින, නාවුල බැහැරගත පුහුණු මධ්‍යස්ථානයේ දී ආරම්භ විය.

වැඩමුළුවේ සමාරම්භක දේශනය ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා විසින් සිදු කළ අතර, එහිදී “ජාතික යොවුන් සේනාංකය එක් දිශානතියකට ගමන් කිරීමට නම් සියලු උපදේශක උපදේශිකාවන් එක් මඟක ගමන් කළ යුතු බවත්, සරඹ හා විනය උපදේශකයින්ට තම රාජකාරීන්ට අමතරව ජීවන කුසලතා ඉගැන්වීම අමතර වගකීමක් ලෙස ගෙන ක්‍රියා කිරීම තුළින් යොවුන් සේනාංකයේ ප්‍රගමනයට දායක වන ලෙසත්” අධ්‍යක්ෂවරයා විසින් පෙන්වා දෙන ලදී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button