Register Now

සමාප්තිය සහ විසිරයෑම

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සමාප්තිය සහ විසිරයෑම

ජාතික යොවුන් සේනාංකයේ සය මාසික මූලික පෞරුෂ සංවර්ධන පුහුණුව සාර්ථකව අවසන් කරන පුහුණුලාභීන් වෙත පිළිගත් සහතිකයක් පිරිනැමෙන අතර, එය ප්‍රදානය කරනු ලබන්නේ අති උත්කර්ෂවත් සහ වර්ණවත් රාජ්‍ය මට්ටමේ විසිරයාමේ උත්සව අවස්ථාවකදීය. මේ ගෞරවනීය උළෙල නැරඹීම සඳහා පුහුණුව ලද යෞවන යෞවනියන් ගේ මාපියන්ට ද ආරාධනා කරනු ලැබේ.

පාඨමාලාව සාර්ථකව අවසන් කිරීමෙන් පසු වුව ද, ඉදිරි වෘත්තීය කටයුතු සිදු කරගැනීම සඳහා අවශ්‍ය වන වෘත්තීය සහ රැකියා මාර්ගෝපදේශකත්වය ද, ව්‍යවසායකත්වය උදෙසා මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට ද ජාතික යොවුන් සේනාංකය කටයුතු කරයි. මේ පාඨමාලාවේ තිබෙන සුවිශේෂීත්වය නම් පාඨමාලා හැදෑරීමට ඇතුල්වන යෞවන යෞවනියන්ගේ රැකියාභිමුඛ වෘත්තීයභාවය සංවර්ධනය කෙරෙන අතර, ඔහුගේ / ඇයගේ දෛනික ජීවිතය ගත කිරීමට අවශ්‍ය වන ආත්ම ශක්තිය සහ විනය සහිත පුද්ගල සංවර්ධනය පිළිබඳව ද අවධානය ලක් කිරීමය. මේ පිළිබඳව රාජ්‍ය වගකීම පැවරෙන ව්‍යවස්ථාපිත ආයතනයක් වශයෙන් ජාතික යොවුන් සේනාංකය සැමවිටම උත්සාහ ගන්නේ ශ්‍රී ලංකාවේ ඉදිරි අනාගතය බාර ගැනීමට නියමිත තරුණ පරපුර වෘත්තීයභාවයෙන්, නීතිගරුකත්වයෙන්, ආත්ම විශ්වාසයෙන්, විනයෙන්, කැපවීමෙන්, ඇපකැපවීම සහිත අති දක්ෂ, කුසලතා පූර්ණ, බුද්ධිමත් ප්‍රජාවක් ලෙස නිල වශයෙන් සමාජගත කිරීමය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button