Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

සබරගමු පළාත් විසිර යාම ගලිගමුවේ දී…

ජාතික යොවුන් සේනාංක සබරගමු පළාත් විසිරයාමේ උත්සවය ඊයේ (21) දින, යොවුන් සේනාංක අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායකගේ ප්‍රධානත්වයෙන් ගලිගමුව යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ දී පැවැත්වුණි.

විසිර යාමේ උළෙල සඳහා සබරගමු පළාත නියෝජනය කරමින් කෑගල්ල, ගලිගමුව, දෙහිඕවිට යන පුහුණු මධ්‍යස්ථාන සහභාගී වූ අතර, මෙම අවස්ථාවට ගලිගමුව ප්‍රාදේශීය සභාවේ ප්‍රාදේශීය ලේකම්, බෝයගම විදුහලේ විදුහල්පතිතුමන් ඇතුළු ප්‍රාදේශීය විදුහල්පතිවරුන්, ආසිදෙණිය ග්‍රාම නිලධාරී, පළාත් අධ්‍යක්ෂ, මධ්‍යස්ථානාධිපතිවරුන්, දෙමාපියන් ඇතුළු යොවුන් ශිෂ්‍යභටයින් පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button