Register Now

ගරු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යතුමාගේ පණිවිඩය

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

මම ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යවරයා ලෙස ජාතික යොවුන් සේනාංකයේ කාර්යභාරය හා විෂයපථය පිළිබඳ මුලින් ම අගය කිරීමට කැමැත්තෙමි. සැබැවින් ම අපේ රටේ ක්‍රියාත්මක වන තරඟකාරී විභාග මූලික අධ්‍යාපන ක‍්‍රමය තුළ පාසල් අධ්‍යාපනය හමාරකොට සමාජගත වන තරුණ තරුණියන් බොහෝ දෙනාට අවශ්‍ය සමාජ කුසලතා පූර්ණය නොවීම හේතුවෙන් නිසි ඉලක්කයකින් තොරව කටයුතු කිරීම සුලබ කාරණයකි. මෙම තත්ත්වය රටේ සමස්ථ කාර්යක්ෂමතාවය හා ඵලදායීතාවය කෙරෙහි ඍණාත්මකව බලපානු ලබයි. රට සංවර්ධනය ඉලක්ක කරා රැගෙන යාමට නම් කුසලතා පූර්ණ තරුණ තරුණියන් ගොඩනැඟිය යුතුය.

මෙරට තරුණ පරපුර වෙත ජීවන කුසලතා අත්කරදීම සඳහා ස්ථාපිත එකම රාජ්‍ය ආයතනය ජාතික යොවුන් සේනාංකය ලෙස මට හඳුනාගැනීමට හැකිවිය. ජාතික යොවුන් සේනාංකයේ කාර්යභාරය තරුණ පරපුරේ ජීවන කුසලතා සංවර්ධනය, වෘත්තීය කුසලතා සංවර්ධනය හා ක්‍රීඩා සෞන්දර්ය හැකියා සංවර්ධනය ලෙස දැක්වේ. මෙම කාර්යයන් තීව්‍රරත්වය තුළින් තරුණ පරපුරට සේවය කිරීම සඳහා ජාතික යොවුන් සේනාංකය වැඩසටහන් රාශියක් මෙහෙයවමින් සිටීම සතුටට කරුණකි.
විනය, නායකත්වය හා පෞරුෂත්වය හිමි තරුණ පරපුරක් රටකට මහඟු සම්පතකි. වර්තමාන අර්බුදයන් හමුවේ අභියෝගයන්ට නොසැලී මුහුණ දෙමින් ජයග‍්‍රහණය කිරීම සඳහා විනය, නායකත්වය, පෞරුෂත්වයෙන් සුසැදි තරුණ පරපුරක් බිහි කිරීම අත්‍යවශ්‍ය කාරණයකි. ඒ සඳහා ජාතික යොවුන් සේනාංකයට අවශ්‍ය ශක්තිය හා ධෛර්ය ලැබේවායි ප‍්‍රාර්ථනා කරමි. විෂයභාර අමාත්‍යවරයා ලෙස මගේ සහයෝගය උපරිමයෙන් ආයතනික අරමුණු ජයග‍්‍රහණය කිරීම සඳහා ලබාදීමට නොපැකිලිව කටයුතු කරමි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button