Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතික යොවුන් සේනාංක “සෙනෙහෙ පියස” 32 වන නිවස, ඇමති රොෂාන් අතින් මැදිරිගිරියේ දී පරිත්‍යාග කෙරේ.

තිරසාර සංවර්ධන අභිමතාර්ථ කේන්ද්‍ර කොට ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කරමින්, තරුණ ශක්තිය ජාතික සංවර්ධනය සඳහා යොමුකරවීමට ප්‍රමුඛ මෙහෙවරක් ඉටුකරන ජාතික යොවුන් සේනාංකයේ, සමාජ සවිබල ගැන්වීමේ තරුණ දායකත්ව ‘සෙනෙහෙ පියස’ ව්‍යාපෘතිය හරහා ක්‍රියාත්මක නිවාස 58ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ 32 නිවස, මැදිරිගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ, අංක 91 කවුඩුළුගම ග්‍රාමසේවා වසමට අයත් මැදිරිගිරිය , කවුඩුළුගම, අංක 269/2හි පදිංචි විශේෂ අවශ්‍යතා සහිත දරුවෙකු සිටින හා දියවැඩියාව ඇතුළු රෝගාබාධ රැසකට ගොදුරුව රැකියාවක නියැලීමට නොහැකිව දැඩි ආර්ථික අපහසුතාවයකට ලක්ව අසරණව සිටින ආර්.ඩී.විජේසිංහ හා ජී.ජී.ප්‍රේමවතී යුවල වෙත වාරිමාර්ග , ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පරිත්‍යාග කරන ලදී.

ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු පරිත්‍යාගශීලීන්ගේ දායකත්වය ද ඇතුළුව මුදලින් රුපියල් ලක්ෂ 18කට ආසන්න පිරිවැ‍යකින් හා මැදිරිගිරිය ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානයේ ශ්‍රමදායකත්වය යටතේ මෙම නිවස ඉදිකර ඇත. මෙම අවස්ථාවට එක් වූ අමාත්‍යවරයා පවසා සිටියේ යොවුන් සේනාංකයේ නිවාස ඉදිකිරීම් ව්‍යාපෘතියෙන් ඉදිවන සෑම නිවසකටම රු: ලක්ෂය බැගින් පෞද්ගලිකව ලබාදීමට පොරොන්දු වන බවයි.

මෙම අවස්ථාවට ජාතික යොවුන් සේනාංක සභාපති නිලන්ත ඒකනායක, අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පී පීඑස්සී අයිජී, අතිරේක අධ්‍යක්ෂ නිශාන්ත පුෂ්පකුමාර, නැගෙනහිර පළාත් අධ්‍යක්ෂ, මැදිරිගිරිය යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ඇතුළු මධ්‍යස්ථානාධිපතිවරුන්, ප්‍රාදේශීය රාජ්‍ය නිලධාරීන්, පුහුණු මධ්‍යස්ථානයන්හි උපදේශක උපදේශිකාවන්, යොවුන් ශිෂ්‍යභටයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button