Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

“ජීවන කුසලතාවය මෙන්ම වෘත්තීය දැනුම ඇති පිරිසක් බිහි කිරීමේ වගකීම ජාතික යොවුන් සේනාංකය සතුව පවතී” වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි.

“ජීවන කුසලතා, ක්‍රීඩාව, කලාව හා වෘත්තීය පුහුණුව යන අංශ හතර එකට එකම තැනකින් ලබා දීමට හැකියාවක් ඇත්නම් විනයගරුක පරපුරක් ගොඩනැඟිය හැකි බවත්, පවතින අධ්‍යාපන ක්‍රමය අනිවාර්‍යයෙන්ම වෙනස් විය යුතු තැනක පවතිද්දී උසස්පෙළින් ඉදිරියට යන පිරිස හැර ඉතිරි පිරිස ප්‍රායෝගික ජීවන කුසලතාවය මෙන්ම වෘත්තීය දැනුම ඇති පිරිසක් බිහි කිරීමේ වගකීම ජාතික යොවුන් සේනාංකය සතුව පවතින බවත්” වාරිමාර්ග, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව සඳහන් කරන ලද්දේ ඊයේ (06) දින, ජාතික යොවුන් සේනාංකය මඟින් දිවුලපිටිය පුහුණු මධ්‍යස්ථානය තුළ ඉදි කරන ලද නෙට්බෝල්, වොලිබෝල්, වායු රයිෆල් සහ දුනු විදීමේ ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ගුවන් හමුදාවත් ශ්‍රී ලංකා නාවුක හමුදාවත් අතර වොලිබෝල් තරඟයක් හා ගම්පහ රත්නාවලී බාලිකා විදුහලත්, ගම්පහ සිරිකුරුස විදුහලත් අතර නෙට්බෝල් තරඟයක් ප්‍රදර්ශනාත්මකව පැවැත්වීම ද විශේෂත්වයක් විය.

අද දින පැවති ක්‍රීඩා සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය, ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතා, ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශයේ තරුණ කටයුතු අතිරේක ලේකම් සමන් වඩුගේ මහතා ඇතුළු අමාත්‍යංශ නිලධාරීන්, ජාතික යොවුන් සේනාංකයේ සභාපති නිලන්ත ඒකනායක මහතා, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක මහතා, ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, විදුහල්පතිවරුන්, ජාතික යොවුන් සේනාංකයේ අධ්‍යක්ෂ මණ්ඩලය, පළාත් අධ්‍යක්ෂ, මධ්‍යස්ථානාධිපතිවරුන්, පුහුණුලාභීන් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button