Register Now

ආරම්භය සහ පසුබිම

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

ජාතිය නැවත ගොඩ නැඟීමේ නව අභියෝගයට උරදිය හැකි නායකත්ව ගුණාංගයෙන් සහ ශක්තිමත් පෞරුෂයකින් හෙබි නිපුණතා පිරිපුන් තාරුණ්‍යයට මංපෙත් විවර කිරීම අත්‍යවශ්‍ය වූ වකවානුවක 2002 අංක 21 දරණ පාර්ලිමේන්තු පනතින් ව්‍යාපෘතියක් වශයෙන් ස්ථාපිත කොට, 2003 ඔක්තෝබර් මස 10 වන දින අංක 1309/17 දරණ ගැසට් පත්‍රයේ පළකරන ලෙස ‘අංක 01- 2003 දරණ යොවුන් බලකා නියෝග’ මගින් යොවුන් සේනාංකය ක්‍රියාත්මක කරනු ලැබීය. එලෙස ක්‍රියාවට නැංවුණු ජාතික යොවුන් සේනාංකය රාජ්‍ය ආයතනයක් ලෙස 2002 වසරේ දෙසැම්බර් 17 වන දින, ටී.බී.ජයා මාවතේ (වත්මනේ) මහවැලි ගොඩනැගිල්ලේදී, කර්නල් චන්න ගුණතිලකගේ සභාපතිත්වයෙන් නිල වශයෙන් ආරම්භ විය. පුහුණු වන යෞවන යෞවනියන් “රේන්ජර් නායකයින්” යන නාමයෙන් හඳුන්වමින් පළමු පාඨමාලාව ඇඹිලිපිටිය, එරමිණියාය, හෙයියන්තුඩුව හා රන්ටැඹේ යන රේන්ජර් නායක පුහුණු මධ්‍යස්ථාන 04කින් ආරම්භ කරන ලදී.දෙවන පාඨමාලාවේ සිට පුහුණු යෞවන යෞවනියන් “රේන්ජර්වරුන්” ලෙස හඳුන්වමින් අද වන විට දිවයින පුරා දිස්ත්‍රික්ක ආවරණය කරමින් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන 58ක් දක්වා ක්‍රමයෙන් වර්ධනය වන්නට විය. ආරම්භයේදී රේන්ජර් නායකයින් ලෙස බඳවා ගන්නා ලද 100ක පමණ ප්‍රමාණයක් වර්තමානය වන විට දිවයින පුරා විසිරි ඇති පුහුණු මධ්‍යස්ථානයන්හි විනය සරඹ උපදේශකවරුන් ලෙස කටයුතු කරමින් සිටි.

විනය, නායකත්වය, පෞරුෂ සංවර්ධනය යන ත්‍රිවිධ තේමාවන් පදනම් කරගනිමින් ක්‍රියාත්මක වන්නා වූ ජාතික යොවුන් සේනාංකය අනෙක් සියලු යෞවන පුහුණු බලගැන්වීම් අභිබවමින්, අභියෝගයන්ට ද අභියෝග කරන්නට පෞරුෂයෙන් හෙබි ශක්තිමත් යොවුන් බලකායක් ගොඩනැඟීම සඳහා පැහැදිලි වූත්, විධිමත් වූත් විවිධ පැතිකඩ හරහා ක්‍රියාත්මක වෙමින් පවතී.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button