Register Now

අභ්‍යන්තර

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

වැඩමුළු (Workshops)

  • රැකියා වෙළදපොළවල් ක්‍රියාත්මක කිරීම (Career Fair)
  • ශරීර සුවතා මාධ්‍යස්ථාන 10ක් ක්‍රියාත්මක කිරීම.
  • තරුණු සෞභාග්‍යා
  • ලේ දන්දීමේ වැඩසටහන
  • සත්ව මිතුරු සත්කාර වැඩසටහන
  • ව්‍යවසායකත්ව පිළිබද පුහුණු වැඩමුළුව

උපදේශන සේවා (Counseling)

මූලික පුහුණුව හදාරන මස 06ක කාලය තුලදී වෘත්තිය ජීවිතය ජය ගැනීමට අවැසි කරන උපදේශන සහ යොවුන් වියේ ගැටළු නිරාකරණය කර ගැනීම සදහා අවැසි උපදේශනය ලබා දෙනු ලැබේ. ජාතික යොවුන් සේනාංකය තුලින් උපදේශනය බලාපොරොත්තුවන සියලුම පිරිස් සදහා අවස්ථානුකුලව උපදේශන කටයුතු ක්‍රියාත්මක කරනු ලැබේ.

  • ක්‍රීඩා උළෙල

මධ්‍යස්ථාන මට්ටමින් එක් පාඨමාලාවක් සදහා ක්‍රීඩා උළෙලක් පවත්වනු ලබන අතර පළාත් ක්‍රීඩා උළෙලක්ද පැවැත්වේ. අදියර II තුළදීම ජයග්‍රහණය කරනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ජාතික මට්ටමේ තරග සදහා සහාභාගී විය හැකි අතර ජයග්‍රහකයින් හට කුසලාන හා සහතිකපත්‍ර ප්‍රධානය කරමින් ජාතික ක්‍රීඩා උළෙල පවත්වනු ලබයි.

  • කලා උළෙල

මධ්‍යස්ථාන මට්ටමින් එක් පාඨමාලාවක් සදහා කලා උළෙලක් පවත්වනු ලබන අතර පළාත් කලා උළෙලක්ද පැවැත්වේ. අදියර II තුලදීම ජයග්‍රහණය කරනු ලබන පුහුණුලාභින් ලාභිනියන්හට ජාතික මට්ටමේ තරඟ සඳහා සහාභාගී විය හැකි අතර ජයග්‍රහකයින් හට කුසලාන හා සහතිකපත්‍ර ප්‍රධානය කරමින් ජාතික කලා උළෙල පවත්වනු ලබයි.

  • පෞරුෂාභිමාන

ජාතික යොවුන් සේනාංක මෙම ජාතික මට්ටමේ කළ උළෙල තරුණ කලා කුසලතාවයන්ගෙන් සෞන්දර්ය හැකියාවෙන් නිපුණතා සපිරි යෞවන යෞවනියන්ගේ එම කලා කුසලතවන්යන් එළිදැක්වීම සඳහා වූ වැඩසටහනකි. මෙම උළෙල පුහුණුලාභින් සහ යොවුන් සේනාංක කාර්ය මණ්ඩලයේ සාමාජික සාමාජිකාවන්ගේ සහභාගිත්වයෙන් වාර්ෂිකව පවත්වනු ලබයි.

ජාතික හා විවිධ සංස්කෘතික අංගයන්ගෙන් යුත් මෙම සංදර්ශනය තුළින් පුහුණුලාභීන්ගේ සහ කාර්ය මණ්ඩලයේ සැඟවුණු කුසලතා එලි දැක්වීම සදහා අවස්ථාව ලබාදී ඇති අතර ඔවුන් සදහා ස්වාධින පරීක්ෂණ මණ්ඩලයක් මගින් ඇගයීමට ලක්කර ත්‍යාග හා සම්මාන පිරි නැමීම සිදු කරයි. මෙම වර්ණවත් සංදර්ශනය නැරඹීම සදහා විශේෂ ආරාධිත අමුත්තන් හා විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් සහාභාගී වේ.

  • ජාතික යොවුන් සේනාංක දිනය

ජාතික යොවුන් සේනාංකය ස්ථාපනය කළ දිනය සමරනු වස් සෑම අවුරුද්දකම ආදී රේන්ජරවරු/වරියන්ගේ සහභාගිත්වයෙන් ඔවුන්ගේ සාර්ථකත්වය වෙනුවෙන් වාර්ෂිකව ජාතික යොවුන් සේනාංකය සමඟ සුහද හමුවක් ලෙස ඒකරාශී වීම. මෙය දිවයිනේ නන්දෙසින් විසිරි පැතිරී සිටින යොවුන් පුහුණුලාභී යෞවනයේ ඔපවත් වීම සැමරීම වෙනුවෙන් සිදු කරනු ලබයි.

  • මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්

අන්තරායක ඖෂධ පාලක මණ්ඩලය හා ඒකාබද්ධව මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තරුණ ප්‍රජාව මූලික ප්‍රතිකාරවලින් අනතුරුව මාස 03 ක කාලයක් සඳහා පෞරුෂ හා නායකත්ව නේවාසික පුහුණු වැඩසටහනක් කටුනායක යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානය හා එක්ව ක්‍රියාත්මක කරන ලදී.

  • ප්‍රජා සංවර්ධන වැඩසටහන්

සෑම පුහුණු අදියරක් තුළදීම පුහුණුලාභින් ලාභිනියන්ගේ ශ්‍රම දායකත්වයෙන් අදාල පුහුණු මධ්‍යස්ථානය පවතින ප්‍රදේශය තුළ පාරිසරික අවශ්‍යතා මෙන්ම ජන ජීවිතය නගා සිටුවීමේ අවශ්‍යතා වෙනුවෙන් තරුණ ශ්‍රම දායකත්වය ලබාදීම සාමුහිකව සිදුකරනු ලබයි. එම වැඩසටහන් කිහිපයක් පහත පරිදි වේ.

– ලේ දන්දීමේ වැඩසටහන

– වෙරළ සංරක්ෂණ වැඩසටහන

– සුසුමට සවියක්

– සෙනෙහෙ පියස නිවාස ව්‍යාපෘතිය

– සත්ව මිතුරු සත්කාරය

– ඩෙංගු මර්ධන වැඩසටහන්

  • පැළ සිටුවීමේ වැඩසටහන් (Y-Green)

මධ්‍යස්ථානයේ අවට සහ එම ප්‍රදේශ හා පොදු ස්ථාන තුළ සමාජ සත්කාරයක් සිදුකිරීම වෙනුවෙන් සාමුහිකව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබයි.

  • බෝ නොවන රෝග දැනුවත් කිරීමේ වැඩසටහන්

පුහුණුව හදාරන සියලුම පුහුණුලාභින්ට ලාභිනියන්ට ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පුද්ගලයන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

  • ලිංගාශ්‍රිත රෝග පිළිබද දැනුවත් කිරීමේ වැඩසටහන්

පුහුණුව හදාරන සියලුම පුහුනුලාභින්ට ලාභිනියන්ට ක්ෂේත්‍රයේ විශිෂ්ඨ පුද්ගලයන්ගේ ශ්‍රමදායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරනු ලබයි.

  • ආපදා කළමනාකරණ වැඩසටහන්

පළාත්, දිස්ත්‍රික්ක මට්ටමින් ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන මගින් පළාත් අධ්‍යක්ෂවරුන්ගේ මග පෙන්වීම මත පුහුනුලාභින් හා කාර්යමණ්ඩලය විසින් සංවිධානය කර ක්‍රියාවට නංවනු ලබයි.

  • රචනා තරග

යෞවන යෞවනියන්ගේ කුසලතා ඔප් නැංවීමේ අරමුණින් මෙම තරගාවලිය යොවුන් සේනාංක මධ්‍යස්ථාන මට්ටමින් ඒකල තරගයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර ජයග්‍රහකයින් හට වටිනා සහතික පත්‍රයක් පිරිනමයි.

  • විවාද තරග

යෞවන යෞවනියන්ගේ කුසලතා ඔප් නැංවීමේ අරමුණින් මෙම තරගාවලිය යොවුන් සේනාංක මධ්‍යස්ථාන මට්ටමින් කණ්ඩායම් තරගයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර ජයග්‍රහකයින් හට වටිනා සහතික පත්‍රයක් පිරිනමයි.

  • දැනුම මිනුම තරග

යෞවන යෞවනියන්ගේ කුසලතා ඔප් නැංවීමේ අරමුණින් මෙම තරගාවලිය යොවුන් සේනාංක මධ්‍යස්ථාන මට්ටමින් කණ්ඩායම් තරගයක් ලෙස ක්‍රියාත්මක කරනු ලබන අතර ජයග්‍රහකයින් හට වටිනා සහතික පත්‍රයක් පිරිනමයි.

  • විසිර යාමේ පෙළපාලිය

ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථාන තුළ අදියරක් වශයෙන් පුහුණුව ලැබූ පුහුණුලාභී/ලාභිනියන්ගේ විසිර යෑම අභිමානවත් උළෙලක් ලෙස සියලු පුහුණුලාභී/ලාභිනියන්ගේ සහභාගිත්වයෙන් සිදු කරනු ලබයි.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button