Register Now

News Details

  • විනය

  • නායකත්වය

  • පෞරුෂය

මාවතගමටත් “සෙනෙහෙ පියසක්”…

ජාතික යොවුන් සේනාංක “සෙනෙහෙ පියස” නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකළ තවත් නිවසක් මාවතගම, 02 පියවර, සමඟි උයනෙහි පදිංචි එම්.ඒ. දිල්හානී කුමාරි මහත්මිය ඇතුළු පවුලේ අය වෙත භාර දීමේ කටයුතු පසුගිය දා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

මෙම අවස්ථාවට යොවුන් සේනාංක අතිරේක අධ්‍යක්ෂ (පුහුණු හා සංවර්ධන), සහකාර අධ්‍යක්ෂ (පුහුණු), වයඹ පළාත් අධ්‍යක්ෂ, මාවතගත පුහුණු මධ්‍යස්ථානයේ මධ්‍යස්ථානාධිපති ඇතුළු මධ්‍යස්ථානාධිපතිවරුන්, රාජ්‍ය නිලධාරීන්, උපදේශික උපදේශිකාවන්, ප්‍රදේශවාසීන්, යොවුන් ශිෂ්‍යභටයින් ඇතුළු පිරිසක් සහභාගී විය.

ගැලරිය

අපව අමතන්න

Copyright © 2021 - 2022 National Youth Corps

Call Now Button