ස්විට්සර්ලන්ත රජය, ශ්‍රී ලංකාවේ බවර් ආයතනය හා ජාතික යොවුන් සේනාංකය ඒකාබද්ධව ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයන්හි පවත්වන ලද SSG (Skills for Sustainable Growth) Hospitality Operations Certificate Program සාර්ථකව අවසන් කළ යොවුන් සේනාංක පුහුණුලාභීන් 116 දෙනෙකු සඳහා සහතිකපත් පිරිනැමීම ජනවාරි 06 දින, ශ්‍රී ලංකා හා මාලදිවයිනේ ස්විට්සර්ලන්ත තානාපතිනි සිරි වෝල්ට් මැතිණියගේ ප්‍රධානත්වයෙන් ජාතික යොවුන් සේනාංක අධ්යක්ෂ බ්‍රිගේඩියර් සුජීව රත්නායක යූඑස්පි පිඑස්සි අයිජි ඇතුළු නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ දී පැවැත්වුණි. මෙහිදී පාඨමාලාව සාර්ථකව අවසන් කළ පුහුණුලාභීන් 116 දෙනෙකු සහතිකපත් හිමි කරගන්නා ලදී.