ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක ජාතික යොවුන් සේනාංක “සමාජ සවිබල ගැන්වීමේ තරුණ දායකත්වය” ව්‍යාපෘතියට අනුව වාරියපොල ජාතික යොවුන් සේනාංක මධ්‍යස්ථානය විසින් මිලියන 4 වටිනාකමකින් යුක්තව ඉදිකළ “සෙනෙහෙ පියස” නව නිවාසය වාරියපොල සුමංගල අතුරු මාවතේ පදිංචි එච්. එම්. ඉන්ද්‍රාණි හේරත් යන අය වෙත ලබාදීම වාරියපොල මධ්‍යස්ථානාධිපතිගේ ආරාධනයෙන් 2022/06/09 වන දින වාරියපොල ප්‍රාදේශීය ලේකම් සහ ජාතික යොවුන් සේනංක සභාපති /අධ්‍යක්ෂ කර්නල් දර්ශන රත්නායක තුමන් විසින් සිදුකරන ලදී. මෙම අවස්ථාව සඳහා ජාතික යොවුන් සේනාංක අධ්‍යක්ෂ මණ්ඩලය, රාජ්‍ය නිළධාරීන් සහ ආරාධිත අමුත්තන් රැසක් සහභාගී විය.